Thursday, December 31, 2009

මියගිය ආත්ම සුවපත් කිරීම


සුගති වශයෙන් හැඳින්වෙන ලෝකයන් අතර මේ මිනිස් ලෝකයද කාම ලෝකයකි. මිනිස් ලොව උපදින පුද්ගලයා සිය ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත පිනවීමට උපන් දා සිට ම උත්සාහ කරයි. කටයුතු කරයි. ඒ කාම ලෝක ස්වභාවයයි. එසේ ඉන්ද්‍රිය සය පිනවීමට හැකි වන අයුරින් අංග සම්පූර්ණ උපතක් ලැබීම හා අවශ්‍ය සම්පත් ලැබීම පූර්ව භවයන්හි කරන ලද පුණ්‍ය කර්මයන් ගේ ආනිසංසයත්, මේ භවයේ දැනුම හා බුද්ධිය දියුණු කැර ගැනීමෙන් ඇති කරගන්නා යහපත් උත්සාහයක් නිසා සිදුවන්නකි. කොයි තරම් අංග සම්පූර්ණ උපතත් ලැබූවද ඔහුට අවශ්‍ය පරිසරය, කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, හා ආර්ථික පහසුකම් නොලැබුණොත් ඔහුට දියුණුවීම අසීරුය. කොයි තරම් පහසුකම් තිබුණ ද ඔහු අංගවිකලයකු හෝ නූගතකු හෝ පාප මිත්‍ර සේවනයෙහි යෙදෙන්නකු හෝ වුවහොත් ඔහු පරිහානියට ම පත්වන්නකු බවට අනිවාර්යයෙන් ම කටයුතු යෙදේ.


මේ අතර බොහෝ දෙනා තමන්ට ලැබෙන පහසුකම් හා දැනුම ප්‍රයෝජනයට ගනිමින් යහපත් ලෞකික ජීවිතයක් ගත කරති. සාමාන්‍යයෙන් දන් පින් වල ද යෙදෙති. එහෙත් කුසල් වශයෙන් ධර්ම මාර්ගයේ ගමන් කොට ස්වකීය ‘සිත’ දියුණු කැර ගැනීමට කටයුතු කිරීම පසුවට කල් තබති. මහලු වූ විට පුළුවනැයි සිතා පමා වෙති. හදිසියේ හෙට මිය යතැයි නොසිතති. භාවනාවක නොයෙදෙති. කෙනෙකුගේ ඊළඟ භවය තීරණය කරනුයේ අවසන් චුති චිත්තයට ඉදිරිපත් වන පූර්ව කර්මයක් හේතු කොට ගෙන බව දැන සිටිය ද මේ පමාව නිසා සතර අපා ගත වන්නෝ බොහෝ ය. එය ද කාම ලෝකයේ ස්වභාවයකි. උත්සාහය හා වීර්යය මගින් සිය සසර ගමන යහපත් කැර ගැනීම හා කෙටි කැර ගැනීම නුවණින් ම කළ යුත්තකි.


වර්තමාන සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ද කැමැත්තක් දක්වන්නේ ද අනුන්ගේ දොස් දැකීමටමය. කොයි තරම් යහපත් දේ කළත් එක අඩුපාඩුවක් දොසක් වේ නම් එයම තෙපළති. අතීතයේ මෑතක් වන තුරු ම කෙනකු මිය ගිය විට අවසන් කටයුතු කරන අවස්ථාවේ ආගමික වතාවත් වලින් පසු ඔහු ගේ හෝ ඇගේ ගුණ වර්ණනා කළහ.


එයින් සිදු වූයේ ඒ පුද්ගලයා ඒ වන විට ස්ථිර භවයක උපතක් නොලබා මනෝකායික ගන්ධබ්බ අවස්ථාවක හෝ එතැනට පැමිණිය හැකි, දැකිය හැකි හෝ දිව්‍යාත්මයක හෝ වෙනත් අමනුස්ස ආත්ම භවයක හෝ සිටියහොත් ඔහුගේ හෝ ඇගේ සිත ප්‍රසන්න වේ.


මෙසේ ගුණ ගායනා කරනවාට, තමන් ජීවත්ව සිටිය දී සිදු කළ පුණ්‍ය ක්‍රියා පිළිබඳ, කතා කරන විට ඒවා අහන්නට අමනුෂ්‍යයෝ කැමතිය. එවිට ඔවුන්ගේ සිත් පහන් වෙයි. පළි ගැනීමේ චේතනාවෙන් වෛරයෙන් සිටින අමනුෂ්‍යයන් හැර අනිකුත් බොහෝ අමනුෂ්‍යයෝ මිහිරි ස්වරවලට, මිහිරි වදන්වලට මිහිරි අර්ථයට සුවඳට මිනිසා කැමති සේම දෙවියෝ ද කැමති ය. සමහර යක්ෂයෝ ද කැමති ය.


දිනක් බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ඒ අසල වෘක්ෂයකට අධිගෘහිතව විසූ යක්ෂණියක් ඒ ධර්මය ශ්‍රවණය කරමින් සිටියා ය. ඇය ඒ බණ ඇසුවේ සිය දරුවා නළවමිනි. දරුවා හඬන විට “හා හා පුතා අඬන්න එපා. අර බුදු හාමුදුරුවෝ බණ කියනවා. පුතා අඬන්න එපා” යැයි කී අවස්ථාවක් සංයුක්ත නිකායේ යක්ෂ සංයුක්තයේ සඳහන් වෙයි. සමහර අමනුෂ්‍යයෝ ද ධර්ම ශ්‍රවණයට හා මිහිරි වදන්වලට කැමති බව මෙයින් පැහැදිලි වෙයි.


ඔහුට හෝ ඇයට අමතකව තිබු ඔහු අතින් සිදු වූ කුසල කර්ම, පුණ්‍ය ක්‍රියා සිහියට නගා ගත හැකි වෙයි. තමන් කළ යහපත් ක්‍රියා එසේ සිහිපත් වූ සැනින් ස්වකීය ආත්ම භවය උසස් තත්ත්වයකට පත්වීමට ද බොහෝ ඉඩකඩ ඇත. අපේ පැරැන්නෝ එවැනි මනෝ විද්‍යාත්මක අවබෝධයකින් සමාජ චාරිත්‍ර වාරිත්‍ර ගොඩ නගා ගෙන තිබුණි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා අවමංගල උත්සවවලදී


“ඔය බොරු පම්පෝරිවලින් වැඩක් නෑ. පිළිගැනීමේ කතාවයි ස්තුති කතාවයි තිබුණා ම ඇතැ”යි කියා ගුණානුස්මරණ - ගුණය සිහිපත් කරන කතාවලට අවස්ථාවක් නොදෙයි.


“ඔය මිනිහා ජීවත්ව ඉන්නකම්ම බිව්වා. අහවල් අහවල් දේ කළා” යි කියමින් ඔහු කළ යහපත් දේ සිහිපත් කිරීම වළකාලයි. ඒ අනුන්ගේ ගුණ කියනවාට අකැමැති අනුන්ගේ දොස් ම දකින කුහකයින්ගේ හැටියකි. කෙනකු අතින් වරදක් සිදුවුවද ඔහු අතින් සිදු වූ බොහෝ යහපත් දේ යටපත් කැර දැමීම අකුසලයකි. කුහක කමකි. මිය ගිය පුද්ගලයාට සිදු කරන අසාධාරණයකි.

මේ තරුණ වෛද්‍යවරිය තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදරය කළාය.


ඇය තරුණ කාන්තාවකි. විවාහක තරුණ වෛද්‍යවරියකි. ඇය අපට නොපෙනෙන ලෝකයක් ඇතැයි විශ්වාස කළේ නැත. ඒ තරමට ම භෞතිකවාදී වූවා ය. ඇයගේ කුළුදුල් දරු ප‍්‍රසූතියේ දී සිදුවූ විස්මිත සිද්ධියකින් ඇයට ලෝකයේ යථාර්ථය - සැබෑ තත්ත්වය හෙළි වී ඇත.


මේ තරුණ වෛද්‍යවරිය තම ස්වාමි පුරුෂයාට දැඩි සේ ආදරය කළා ය. ගැබ්බරව ඉදිරියට නෙරා ගිය උදරයක් සහිතව කුරුණෑගල රෝහලට ඇතුළු වූයේ ද ස්වාමි පුරුෂයා ගේ බඳ වටා අත යවා ගෙන ඔහු ගතෙහි දැවටෙමිනි, ඔහු ද ඇය වෛද්‍යවරියක් නිසා ඇයට ලැබී ඇති අවසරයෙන් ප්‍රයෝජන ගනිමින් දවසේ දැඩි කාලයක් ගත කළේ බිරිය ළඟ ම ය. ඇගේ රෝහල් ඇඳ අසලමය.


වරෙක හිස අත ගෑවේ ය. වරෙක දෙපා පිරිමැද්දේ ය. ඇය සිටි යහන කඩතිරවලින් ආවරණය කොට තිබුණු බැවින් ඇගේ නළල ද සිප ගත්තේ ය. ඇය ද ඔහුගේ දෑත් තරයේ ගෙන සිප ගත්තා ය. ඇය දැන් හැසිරෙන්නේ අවුරුදු දහසකට පමණ කාලයකට රටෙන් පිට වී යන්නට සූදානම් වූ පෙම්වතියකගේ ස්වභාවයෙනි. අනේ! ඇල්මක හැටි!


මේ තරුණ වෛද්‍යවරිය තම තාරුණ්‍ය පිළිබඳ ඇති ආශාවත්, ප්‍රසූති වේදනාව විඳීමට ඇති අකැමැත්ත හා කම්මැලිකමත් නිසා සිසේරියන් සැත්කමක් සඳහා සූදානමින් සිටියා ය. නියමිත වේලාවට ඇය සැත්කම සඳහා තිඹිරිගෙයට (වැදුම්වාට්ටුවට) ඇතුළු වූවාය. සැත්කම් කාමරයට ඇතුළු වන තුරුම ස්වාමියා ගේත් ඇගේත් අතැඟිලි පැටළී තිබිණි. සැත්කම ආරම්භයේ දී කළ නිර්වින්දන ප්‍රතිකාරත් සමඟ ඇයට නින්ද ගියාය.


ඔවුන් ජීවත් වූයේ රජයේ නිල නිවාසයකය. එහි කුස්සියේ ජනේලය යකඩ දැල්වලින් ආවරණය කොට තිබිණි. ඒ යකඩ දැල අතරින් රිංගා පිට වූවා ඇයට මතකය. පිට වූවා නොව එය විශ්වයට ඇදී යාමකි. කවුදෝ ඇයට අඩ ගසන හඬ ඇසිනි. “දැන් මේ ලෝකයෙන් ඉවත්ව යමු. මා සමඟ යමු” යි ඒ හඬ ඇය ඇමතූ බව ඇයට මතකය.


ඒ හඞට අවනත විය යුතු වීය. ඇගේ ස්වධිපත්‍යය යටපත් ව ඇත. තර්ක කළ නොහැකි ය. නොගිහින් සිටින්නට අවකාශයක් නැත. ඇයට මතක ඇත්තේ ආරම්භය පමණි.


කුස්සියේ කබඩ් එකක් මත සිටියා මතකය. එතැන සිට ජනේලයේ යකඩ දැල් කොටුවක් තුළින් පිටතට ඇදී ගියා මතක ය. දැන් ඇය පාලනය වන්නේ වෙනත් බලවේගයක් මඟිනි. කොහොමද යන්නේ? කොයිබට ද යන්නේ? මේ කිසිවක් නොදනී. ඇදී යන බව පමණක් දැනේ.


ඇය එක් තැනක නතර වූවා මතකය. “ඔතන නොවෙයි තැන. එහාට යමු” යළිත් නියෝගයක් කරනු දැනිණි. යළිත් ඉදිරියට ම ඇදී ගියා ය. ඉතා ම සුන්දර සහනදායි ස්ථානයක නතර වූවාය.


එය ළා තණ පිට්ටනියකි. ඈත සිතිජය කරා පෙනෙන විශාල පිට්ටනියකි. ඉතා ම සුවදායක ය. සුන්දරය. වායු සමීකරණය කළ කාමරයක ඇති සුවයක් දැනේ. ආපසු ඒමක් ගැන හිතෙන්නේ නැත. ප්‍රදේශය පුරා සහන් එළියක් පැතිරී ඇත. මීදුම් ගතියක් පෙනේ. හරියට ම සඳ එළිය වැටී ඇත්තා සේය.


මේ අතර ඇයට සිය ස්වාමි පුරුෂයා මතක් වූවා ය. බැඳීම - ඇල්ම - ආදරය ඒ හැඟීම තුළ ගැබ් වී තිබිණි. ඒ සමඟ ම ඇයට වෛද්‍යවරුන් ගේ කටහඬ ඇසිණි. රෝහල් ඇඳක් මත සිටින බව දැනුණි.


ඇයට සිදුවූයේ කුමක්ද? වතුර වීදුරුවකට දැමූ ඩිස්ප්‍රින් පෙත්තක් සේ තමන් (මම) නැති වී ගියා මතකය. ගිය හැටි හෝ ආපසු ආ හැටි මතක නැත. එහෙත් ඒ සුන්දර අවස්ථාව අමතක කරන්නට ඇයට තවමත් නොහැකිය. ඊට පෙරත් ඊට පසුත් ඇය දුටු සිහින ඇයට මතක නැත.


මේ සිද්ධියට දැනට අවුරුදු 16 ක් ගත වී ඇතත් එය එදා වගේ ම අදත් මතකයේ පැහැදිලිව ඇඳී පවතී. එසේ ම තමන්ට දරුවෙකු උපන් බව පවා ඇය මනෝමය කයෙන් ගිය මේ ගමනේ දී සිහිපත් වූයේ නැත. ඊට හේතුව ලෙස ඇය කියන්නේ තම ස්වාමියාට තිබූ දෑඩි ඇල්ම නිසා බවය.


එසේ නම් අද ඉඩකඩම් හා නිවාස පිළිබඳ ඇල්මෙන් සිටින උදවිය මිය ගිය විට උපදින්නේ කොහේ දැයි සිතා ගත හැකි ය. ඉඩකඩම් හා නිවාස පිළිබඳව තණ්හාවෙන් මිය යන අය සතර අපාගතව ඒ ආශාවෙන් ම දුක් විඳිති. සමහරු මළ පෙ‍්‍ර්තයන්ව ද සමහරු තිරිසන් සතුන් ලෙස ද ඒ නිවෙස්වල ම උපදිති.


සිතේ ශක්තිය ඉතා ප්‍රබලය. ක්ෂණයකින් ඉතා දුර ගමන් යා හැකි ය. “දූරංගමං ඒකචරං” කීවේ ඒ නිසා ය. එසේ ම යහපත්, අයහපත් සියල්ලට ම ප්‍රධාන වන්නේත් මූලික වන්නේත් සිතම ය. “මනෝපුබ්බංගමා ධම්මා” යි කීවේ ද ඒ නිසාය.


මේ සිතේ ගොඩ නැඟෙන සිතිවිලි නිසා කර්ම රැස් කෙරෙයි. කර්ම රැස් නොකරන තැන සමාධියයි. සැනසුමයි. ශාන්ත වූ සුවය යි. එහෙත් අපේ මිනිස්සු බොහෝ දෙනෙකු කටයුතු කරන්නේ ‘හිතක් පපුවක්’ නැති ගානටය. සිතක් ඇතැයි සිතන්නේ ම නැත. අප නිතර ම සිතන්නේ කය පිනවීම ගැනමය.


ඊළඟට අනුන් ගැනය. දූ දරුවන් ගැනය. එසේත් නැත්නම් අනුන් ගැනය. තරහ වෛර ඊර්ෂ්‍යාවෙනි, මේ සිත ගැන දිනකට එක මොහොතක්වත් සිතනවා නම් ලෝකය මේ තරම් දරුණු වන්නේ ද නැත. සිතට පුදුම ශක්තියක්, බලයක් හා හැකියාවක් ඇත.

Wednesday, December 30, 2009

ජංගම දුරකථනය විසන්ධි වුවහොත් පෙම්වතාට පෙම්වතිය සොයාගත නොහැකි ය.


මැදිවිය ඉක්මවූ පිරිමියෙක් තරුණ කාන්තාවක් සමඟ විවාහ විය. මේ අතර ඔහුට මිතුරකුගෙන් දැනගන්නට ලැබෙන්නේ මුහුදු බෙල්ලන් කෑමෙන් නැවත තරුණභාවය ලබාගත හැකි බවකි.

එතැන් සිට ඔහු මුහුදු බෙල්ලන් කෑමේ ආසාවෙන් පෙළෙන්නට විය. එහෙත් මුහුදු පතුළේ කිමිදී අවදානම්, අඳුරු ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කැඩීමට තරම් කාය ශක්තියක් ඔහුට නැත.

මෙවිට තරුණ බිරිය ඔහුගේ සහායට ඉදිරිපත් වූවා ය. දෙදෙනා ගේ ම කැමැත්ත පරිදි කිමිදුම්කරුවකු සේවයට යොදා ගැනිණි. කිමිදුම්කරුවා තරුණය. ජවසම්පන්න ය.
වියපත් සැමියා හා තරුණ බිරිය විවේක සුවයෙන් පසුවෙද්දී කිමිදුම්කරුවා ඔවුන් වෙනුවෙන් මුහුදු පතුලේ කිමිදෙයි.
අවදානම් ගල්පර අතර පිහිනමින් බෙල්ලන් කඩා ගෙනැවිත් දෙයි.

පළමු දිනෙයේම කිමිදුම්කරුවා විවාහක යුවළගේ සිත් දිනාගනී. දින කිහිපයක් ගතවූ තැන; තරුණ බිරිය ද කිමිදුම්කරුවා සමඟ බෙල්ලන් කැඩීමට යෑමට ගත්තා ය.

වැඩිකල් නො ගොස් මේ තරුණ යුවළ අතර හාදකමක් හට ගත්තේ ය. වියපත් මිනිහා තරුණභාවය ගැන සිහින මවමින් බෝට්ටුවේ හෝ වෙරළේ සිටියදී ඔහුගේ බිරිය හා කිමිදුම්කරුවා අඳුරු ගල්පර අතර කාලය ගත කළහ.

වියපත් මිනිසාගේ තරුණ භාවය පිළිබඳ විචිත්‍ර කල්පනාව රඳා පැවතුණේ කිමිදුම්කරුවා මත ය. එසේ ම තම සැමියා සතුව නැති තරුණ භාවය සැබවින් ම ස්පර්ශ කිරීමට තරුණ බිරියට අවස්ථාව ලැබෙන්නේ ද කිමිදුම්කරුවා වෙතින් ය.

විවාහක යුවළ තරුණ භාවය වෙනුවෙන් කිමිදුම්කරුවා මත යැපෙන්නට ගනිත්ම ඒ දෙදෙනා අභිබවා ආධිපත්‍යය පතුරුවන්නට කිමිදුම්කරුවා සමත් වෙයි. ඒ සොඳුරු ආධිපත්‍යයකි.
කතාවේ අවසානය ඛේදාන්තයකි. මගේ මතකය නිවැරදි නම් මේ චරිත ත්‍රිත්වය එන්නේ එමිල් සෝලා ගේ කෙටිකතාවක ය.

ඒ කිමිදුම්කරුවා අද ජංගම දුරකතනයක් බවට පත්ව ලොව පුරා සෑම තැනෙකම කිමිදෙමින් සැරිසරමින් සිටී. පෙම්වතාට හෝ පෙම්වතියට සැබවින් ම යා නොහැකි ඕනෑම තැනෙකට ඔවුන් වෙනුවෙන් යන්නේ ජංගම දුරකථනයයි.

වියපත් මිනිහාගේ තරුණ භාවය පිළිබඳ ආශාව කිමිදුම්කරුවා විසින් පිනවනු ලැබූ ආකාරයෙන් ම අද පෙම්වතුන් ගේ විචිත්‍ර කල්පනා ජංගම දුරකථනය විසින් පිනවනු ලැබේ.
අතීතයේදී උද්‍යාන, මුහුදු වෙරළ, වැටකෙයියා පඳුරු හෝ සිනමා ශාලා යනාදිය පෙම්වතුන් - පෙම්වතියන් හමුවූ තැන් ය. අද ඒ තැන් පාළුවට ගොසින් ය. පෙම්වතිය කහටගස්දිගිලියේ තම නිවසේ මුළුතැන්ගෙයි සිට ලූනු සුද්ද කරමින් සිටී.
ඇගේ පෙම්වතා ඒ වනවිට සිටින්නේ හපුතලේ දුම්රිය ස්ථානයේ ය. එහෙත් දුර නොතකා මේ දෙදෙනා ඔවුනොවුන් හමුවෙති. මනෝමය ප්‍රේම ලෝකයක සැරිසරති. භෞතික ස්පර්ශ ලෝකයේ ඇති කිසිම බාධාවක්, තහංචියක් මේ මනෝමය ලෝකයට අදාළ නැත. අවශ්‍ය වන්නේ ජංගම දුරකථනයක් පමණි. ජංගම දුරකථන දෙකකින් ගොඩනැඟෙන රොමෑන්තික ලෝකයේ ඔවුන්ට සිත් සේ හැසිරිය හැකි ය. සිත් සේ වින්දනය ලබාගත හැකිය. ඩිජිටල් යුගයේ මානව ප්‍රේමය ද වෙනස් වෙමින් තිබේ.

සෑහෙන වෙලාවක සිට ජංගම දුරකථනය මුවට තුරුලු කොට ගෙන සිටින යුවතියකි.
ඈ පරිසරයෙන් හුදෙකලාව සිටින්නීය.
අවට සිදුවන කිසිවක් ගැන ඇයට අවදානයක් නැත. එහෙත් යුවතියගේ දෙකොපුල් විටෙක රතු වෙයි. තොල් පොපියයි. ඇසිපිය නටයි. ඈ විටෙක කිකිණි හඬින් සිනා නඟයි. තවත් විටෙක ධ්‍යානයක සමවැදී සිටින ආකාරයක් පෙන්වයි.

මේ ප්‍රතිචාර හා ඉරියව් ඇගේ සිරුරෙන් පළ කෙරුණේ ඇය අවට පරිසරයෙන් ලැබුණු දෙයක් නිසා නොව ජංගම දුරකථනයෙන් එහා කෙළවරේ සිට ඇයගේ කන වැකුණු වදන් නිසා ය. ජංගම දුරකථන ප්‍රේම කතා බොහෝ දෙනෙකුට උන් හිටි තැන් පවා අමතක කරවන්නේ ය.

හරියටම වියපත් මිනිසා හා ඔහුගේ තරුණ බිරිය අභිබවා කිමිඳුම්කරුවා ආධිපත්‍යය පැතිරුවා සේම ය. මේ අනුව පෙම්බස් දෙඩීම ද ඩිජිටල් යුගයෙහි මිලක් ගෙවිය යුතු ක්‍රියාවක් බවට පත්ව ඇත. ජංගම දුරකථනය විසන්ධි වුවහොත් පෙම්වතාට පෙම්වතිය සොයාගත නොහැකි ය.

එවිට වින්දනීය මනෝමය ප්‍රේම ලෝකය ද බිඳ වැටේ. ඒ කඩා වැටීම ජීවිතයට හෙණ පහරක් සේ දැනෙයි. ඇයි? එය අද ජීවිතයේ ඓන්ද්‍රීය කොටසක් ව ඇති නිසා ය.

එකම නිවසේ සාලයේ යාබද ආසන දෙකක වාඩි වී සිටින විවාහක යුවළක් පවා ජංගම දුරකථනයෙන් එකිනෙකා අමතන වෙළෙඳ දැන්වීමක් මේ දිනවල රූපවාහිනියෙන් දැකගත හැකි ය.
ස්වභාවික පියවි හඬින් උනුනුන් මුහුණ බලාගෙන පෙම්බස් දෙඩීමට වඩා ජංගම දුරකථනයෙන් ඒ බව කීම වඩාත් ආනන්ද ජනක බැව් එයින් කියැවේ. මෙයත් එක්තරා ලෙඩකි.

සීමාව ඉක්මවූ විට කුමන දෙයක් වුවත් ලෙඩක් වෙයි. ඒ හරියට ම කුලියට ගත් කිමිදුම්කරුවා අර විවාහක යුවළගේ ජීවිතය පාලනය කරන තීරකයා බවට පත් වීම හා සමාන ය.
ඇතැම්විට එසේ සඳහන් කිරීම නිවැරැදි නොවන්නටත් ඉඩ තිබේ. ඩිජිටල් ලෝකයේ සතුට යනු භෞතික ස්පර්ශය ඉක්මවූ අතිශය චමත්කාරජනක, මනෝමය ලෝකයකි.

ඒ අනුව පෙම්වතුන්ට තවදුරටත් කායිකව හමුවීමට වඩා ජංගම දුරකථනයෙන් කතා කිරීම වින්දනාත්මක ය. ඒ ඩිජිටල් ලෝකයේ කිසිම නීතියක් - සීමාවක් - තහංචියක් වලංගු නොවේ. රජ කරන්නේ විචිත්‍ර කල්පනාවන් ම පමණි.

පෙම්වතුන් යුවළක් අතර විචිත්‍ර කල්පනා වින්දනීය ලෙස හුවමාරු කිරීමට ජංගම දුරකථනය හැර අන් දෙයක් මිහිපිට තිබේද?

Tuesday, December 29, 2009

ඔන්න එක දවසක් ලොක්ක ලොග් පොත චෙක් කළා.


මේ කතාව ආණ්ඩුවේ කන්තෝරුවක කතාවක් ඔය ආයතනවල සෙකියුරිටි කට්ටියටත් එක එක රාජකාරි.


සෙකියුරිටි කට්ටිය කන්තෝරුව ඇතුළට යන හා එන අය ගැන ලොග් සටහන් තියනවා.
සෙකියුරිටි කට්ටිය එළියට යනවා නම් වෙලාව දාල ඒ ගැනත් සටහනක් දානවා. දවස අවසානයේ ලොක්කා ඒවා චෙක් කරනවා.


ඔන්න එක දවසක් ලොක්ක ලොග් පොත චෙක් කළා. එක සටහනක් තිබුණා ඒක තේරෙන්නෙම නැති විකාර සටහනක්. සටහන මේකයි.


”පස්වරු හතරයි තිහට නේපාලයට ගොස් පස්වරු 4.50 ට නැවත පැමිණියා.”


”මේක ලිව්වෙ තමුසෙද” ලොක්කා ගාඩ්ගෙන් ප‍්‍රශ්න කළා.


”ඔව් සර්” ගාඩ් උත්තර දුන්නා.


”තමුසෙ කොහොමද 4.30 ට නේපාලෙට ගිහින් විනාඩි විස්සෙන් ආපහු එන්නේ” ලොක්කා ඇහැව්වා.


ගාඩ් - එහෙම නෙවෙයි සර් මම ලිව්වේ 4.30 ට තේ පානයට ගොස් 4.50 නැවත පැමිණියා කියලයි.

මල්කඩුවාවේ සිංහ කඩේ ”SUGAR FREE”


මල්කඩුවාවේ සිංහ කඩේ මල්ලීට වෙච්ච වැඩක් මේක. සිල්ලර කඩ කිරීමත් යකෙක් බැඳගත්ත වගේ ම දෙයක්. අනිවාර්යයෙන් අරින්න ම ඕනෙ.


එක දවසක් හරි වැහුවොත් පාඩුයි. අනික ණයට බඩු ගත්ත මිනිස්සු කඩේ වහපු දවසක් බලලම තමයි ණය සල්ලි දෙන්න එන්නෙත් මොකද? ආපහු පහුවදාට කියන්න පුළුවන්නෙ ඊයෙ ණය සල්ලි දෙන්න ආවත් කඩේ වහල තිබුණ කියල.


ඉතිං ඔන්න සිංහ කඩෙන් බඩු ගන්න අයත් සමහර දවස්වල එහෙම වැඩ කරනව. හැබැයි නියමිත දවසට ණය මුදල් දුන් අයත් හිටිය.


ඔන්න දවසක හැන්දෑවෙ ලොකු බඩු ලිස්ට් එකක් ගත්ත ෂොක්මන්වත්තෙ මනුස්සයෙක් පැය බාගෙකට විතර පස්සෙ කඩාගෙන ඇවිත් මහ මරුමුස් බැල්මක් එහෙම දාල ඇස් දෙක ලොකු කරල සිංහ මල්ලීට කියනව,


”ඈ මල්ලි අපි දවසක් දෙකක් ණය සල්ලි පරක්කු කළාම තමයි ඔයාගෙ මූණ හොඳ නැති වෙන්නෙ... ඒ වුණාට අපිට බඩු ගන්න කොට නොමිලෙ දෙන දේවල් සේරම ඔයා යටිමඩි ගහගන්නව... ඒක හරිද?... කැත වැඩ කරන්න එපා මල්ලි...”


මේ මොන හෙණගෙඩියක් ද යකෝ... සිංහ මල්ලී බැලුව. කඩේ තවත් සෙනගත් ඉන්නව ලැජ්ජාවෙ බැහැ.


”දැන් මොකක් ද අයියෙ වෙලා තියෙන්නෙ” සිංහ මල්ලී ඇහුව.


”වෙලා තියෙන්නෙද? කෝ... මේ ජෑම් බෝතලෙත් එක්ක නිකන් දෙන සීනි පැකට් එක?” කඩේ ඉන්න අනික් සෙනග දිහා ආඩම්බරෙන් බලන ගමන් ම මිනිහ ඇහුව.


”යකෝ ජෑම් කොම්පැනිකාරයොත් මාව අමාරුවෙ දාන්න හදනවනෙ!” කියල තරහින් අර මනුස්සයගෙ අතේ තිබුණ ජෑම් බෝතලේ අරගෙන බලපුවම ඒකෙ ලොකුවට ලියල තියෙනව ”SUGAR FREE” කියල.

Friday, December 25, 2009

ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.


මේක ඉතින් බෝතල් මාසේ කියල කතාවක් තියනවනේ ඒ වුනාට මත්පැන් ගැන ලිවීම එතරම් හොද නැති වුනත් මත්පැනේ ආදීනව සඳහන් වන කරුණු කාරණා සිද්ධීන් ගැන ලිව්වාට වරදක් නැහැ කියල හිතුව. ඒ නිසා මත්පැන් නිසා අමාරුවේ වැටිච්චි දෙන්නෙක් ගැන ලියන්නේ බොන අයටත් ඉගෙන ගන්න එක්කයි.

ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ
දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ.


1 මිත්‍රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්.

2 මිත්‍රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ

1 මිත්‍රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර.

2 මිත්‍රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ.

1 මිත්‍රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ.

2 මිත්‍රයා - ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද?

1 මිත්‍රයා - හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු.


ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා.

නෝනා - හනේ! හනේ!
ලැජ්ජ නැතිකම අද තාත්තයි
පුතයි දෙන්න එකට බීල නේද?

Tuesday, December 22, 2009

සීතල සුළඟ හමයි තරුවක් අහසෙ දිලෙයි සෙනෙහස දෝරෙ ගලයි

සීතල සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි //

දුර අතීතයේ දවසක්
ගවලෙනකදි බිලිඳු හඬත්
අඳුර නසා දිලුනා තරුවක්
සාමයෙ කුමරුන් ආවා

සීතල සුළඟ හමයි.......

දුක දරලා මේ ලොව වෙනුවෙන්
රුහිරු ගලා ඔබගේ සිරුරෙන්
කදුළු නිවා මුදවා පාපෙන් අප
ජීවය වේය සදා

සාර කතා නවතාලමු අපි දැන්
අරුත සොයා නත්තල් සාමයේ
සොයා ගොසින් දෑසක පිරි කඳුළැල්
පිසලමු සමිඳු ලෙසින්

සීතළ සුළඟ හමයි
තරුවක් අහසෙ දිලෙයි
සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි//

සෙනෙහස දෝරෙ ගලයි
ජේසුනි මා ළඟමයි

සෙනෙහස දෝරෙ ගලයි
ජේසුනි ඔබ ළඟමයි

සෙනෙහස දෝරෙ ගලයි
සමිඳුන් මා ළඟමයි

මෙම ගීතය මෙතනින් බාගන්න

Seethala Sulanga.mp3

Sunday, November 15, 2009

යතුරු පැදියට නැග එන අතරමගදීත් මම කල්පනා කළේ නංගී කී කලකිරීම ගැන.


නැන්දම්මා බලන්න ලොකු නංගීලාගේ ගෙදරට ගියේ සති දෙකකට පසුවයි. මම එනතුරු නැන්දම්මා හැමදාමත් බලාගෙන ඉන්නවා.


නංගී තේ එකක් හදාගෙන ආව.


“මොකද අයියෙ ඔයාගෙ මූණට වෙලා තියෙන්නෙ. මැළවිලා ගිහින්. ඔයා ඉන්නෙ හරි කලකිරීමකින් බව පේනව.”


“එහෙම දෙයක් නැහැ බං.”


“මොකද නැත්තෙ.”


“ඊයෙ රෑ අර අහංකාර නගරේ ටෙලිනට්‍යය බැලුවා මට මා ගැනම දුක හිතුණා.


“ඔයා දැන් කතා කරන්නෙත් කලකිරීමෙන්නෙ. ඔයා කවුද කියල අහන්න එපා. මිනිස්සු එදා වගේම අදත් ඔයාට ආදරෙයි. ඔයාගෙ යාලුවොත් මා එක්ක කිව්ව ඔයා හරියට වෙනස් වෙලා කියල. ඉස්සර අයිය නෙවෙයිලු.”


“උන්ට පිස්සු බං.”


“එහෙම කියන්න එපා. අයියෙ මිනිහෙකුගෙ මුහුණෙන් හුඟක් දේවල් කියන්න පුළුවන්. ඉස්සර ඔයාගෙ මුහුණෙ හැම තිස්සෙම හිනාවක් තියෙනව. ඔයා දැන් හරි නිශ්ශබ්දයි. ඉස්සර ඔයා මොන තරම් දේවල් කතා කළාද. දැන් මෙහෙ ආවත් අහන දේකට උත්තර දෙනව විතරයි.” අනවශ්‍ය දේවල් ගැන කල්පනා කරන්න එපා. ඉස්සර වගේ පොතක් පතක් කියවගෙන ඉන්න. ඔයා දැන් පොත් කියවන්නෙත් නැහැනෙ.”


මට නංගී එක්ක කේන්ති ගියා. මගේ මුහුණේ හිතේ තියෙන තරුණකම නැහැ තමයි කියල මට සමහර අවස්ථාවලදි තේරුම් ගියා. මුහුණ වයසට ගිහිල්ලා. යම් යම් සිදුවීම් වලින් ඒක මම තේරුම් ගත්ත. නැන්දම්මාට වැඳ නංගිලාගේ ගෙදරින් එළියට බැස්සෙත් කලකිරීමෙන්.


යතුරු පැදියට නැග එන අතරමගදීත් මම කල්පනා කළේ නංගී කී කලකිරීම ගැන.


ගෙදර පැමිණි විටත් මම හිටියෙ මේ හැම දෙයක් ගැනම කල්පනා කරමින්.


මංජුල මල්ලීගේ යතුරු පැදිය පාරෙ නතර වුණා.


“මොකද කල්පනාව.”


“මම අර අහංකාර නගරේ ටෙලිනට්‍යය බැලුවා මචං. මට මා ගැනම දුක හිතුණා. ඒකෙ හැම දේකටම මම ආසයි.


“ඕව ගැන හිතන්න එපා අයියෙ. මොනවද අලුත් ආරංචි.”


මංජුල මල්ලී මගෙ පිටට තට්ටු කරමින් කිව්ව.

“ආරංචි නැහැ බන්. අද උදේ සම්පත් කියල එක්කෙනෙක්. කතා කළා ආදරය ගැන ලියන්න පුළුවන් ද කියල ඇහුව.”


“ඉතින් ලියන්නකො.”


“ආදරය ගැන මං මොන කතා ලියන්නද බං. උන් ලියන්න කියන්නේ ගැහැනියක් සහ මිනිහෙක් අතර තියෙන ආදරය ගැනනෙ. එහෙම නැතිව පුළුල් ආදරයක් ගැන නෙවෙයිනෙ. කෙල්ලො හත්අට දෙනෙකුට ආදරය කරපු මිනහකු නම් හොඳයි. මගේ ආදරය තියෙන්නෙ හිතේ කියල උඹ දන්නවනෙ. මම ආදරය කරල තියෙන්නෙ මගෙ අම්මිට විතරයි.”


මංජුලගෙ ඇස්වල කඳුළු පිරිල.


අහංකාර නගරයේ තේමා ගීතය මෙතනින් බාගන්න


http://www.mediafire.com/?nijmqnmzyd3

Saturday, November 14, 2009

බෑනා මාමණ්ඩිය ගේ ආගමනයට විරුද්ධ නො වූයේ ය.


පියා වියපත් ය. එහෙත් වයසට වඩා වියපත් ගතියක් ඔහු ගෙන් පළ වෙයි.
හේ ටික කලක් ලොකු පුතු ගේ නිවෙසේ විසුවේ ය.


ලේලිය ගෙන් ඇනුම් පද පිටවෙයි. කෙණෙහිලි සිදු කැරෙයි. ඔහු දෙවන පුතු ගේ නිවෙසට ගියේ ද එහෙයිනි.


එහි දු වෙනසක් නොවී ය.


සිදුවන අවැඩ පුතුනට කීමෙන් ඔවුන් ගේ පවුල් දිවිය අවුල් වෙයි.


දියණිය ගේ නිවෙසට යන්නට ඔහු හිතුවේ එබැවිනි.


බෑනා මාමණ්ඩිය ගේ ආගමනයට විරුද්ධ නො වූයේ ය.


බෑනා එසේ වුව ද දියණිය (පියා ගේ) එසේ නො වූවා ය. ඈ ඔහු වැඩෙහි යෙදෙව්වා ය. මේ නිසා යම් පමණ දුරින් පිහිටි වෙළෙඳ සලට දිනකට කිහිප වතාවක් යෑමට සහ ඊමටත්, දරු පැටවකු බලා කියා ගන්නටත් ඔහුට පැවරිණ. ඊට අමතර ව නාන කාමරය පිරිසිදු කිරීම ද ඔහු ගේ සේවාවක් විය.


විය පත් පියා වෙහෙස නො බලා මේ සියල්ල කළේ ය. එහෙත් ඔහුට කුසගිනි දැනුණු මොහොතේ කුස පුරවා ගැනීමට නම් නො හැකි විය. බෑනා මේ කෙරෙහි අවබෝධයෙන් පසු වූයේ ය.


මේ ඇහුණ ද? ඔයා ගෙ තාත්ත එන්ඩ එන්ඩ ම දුර්වල වෙනව. ඇඳට වැටුණොත් අපිට ම යි කරදරේ. දැන් ම තියා වැඩිහිටි නිවාසෙකට යැව්වොත් නරක ද?


එයාව ගිහින් දාල කොහොම ද?


එතකොට කවුද ගෙදර වැඩ ටික කරන්නෙ? ඇරත් තාත්ත තාම අබලන් නෑනෙ.

එහෙම වුණොත් බැරියැ ගිහින් දාන්ඩ


අපූරුයි තාත්ත ගැන හිතන විදිහ!


එහෙම නං කන බත්පතට ඒ මනුස්සයව ඔච්චර මරවන්න එපා!


ඔයා නං ඒ මනුස්සයගෙ පෙර හතුරෙක් වෙන්ඩ ඇති.


පෝයකට සිල් ගන්ඩ පන්සලකටවත් යවනව ද?


අඩු තරමෙ බඩගිනි වෙලාවට ඒ මනුස්සයට කෑම ටිකවත් බෙදල දෙන්නෑනෙ
මගෙ පූරුවෙ පවකට තමයි එයා තාත්ත වුණේ. එයා කරපුව අපිට මතකයි නේ.


එයා ගෙදර ආවෙ ඉඳ හිට. එදාටත් ආවෙ හොඳට ම බීල.


වේල් ගණන් අපි බඩගින්නෙ හිටිය.


පොතක් පැන්සලක් නැතුව ඉස්කෝලෙ යන්න විදිහක් තිබුණෙ නෑ.


ඇඳගන්ඩ ඇඳුමක් නෑ. ඉවසගෙන ඉඳල බැරි ම තැන අම්ම රට ගිහිං අනුංගෙ කුස්සිවල වැඩ කරල තමයි අපිව ගොඩ ගත්තෙ.


අතීතෙ මතක තියන එක හුඟක් හොඳයි. දෙමවුපියන් ගෙ වැරදි කොච්චර තිබුණත් පළිගන්න එක නං පාපයක්.


ඒ අය තමයි අපි මේ ලෝකෙට බිහි කෙරුවෙ.


ඒක අමතක කරන්ඩ එපා!


ඒ විතරක් නෙමේ, අහළ - පහළ උදවිය ඔයාගෙ අතීතෙ දන්නෙ නෑ.


ඒත් ඔයා තාත්තට සලකන විදිහ දන්නව.


ඔය මනුස්සය නැති වුණු දවසක පෙට්ටිය බදාගෙන විලාප තියන්ඩ නං හිතාගෙන ඉන්ඩ එපා!

හැබැයි එදාට මං නරක මිනිහයි කියන්ඩත් එපා!


දෙබස අවසානයේ බිරිය කුස්සිය පැත්තට ගියේ වේගයෙනි.


තාත්තෙ? කෝ මේ තාත්ත?’

ඇයි ළමයො?’

මේ කැරට් අල පොඩි වැඩියි. මේව ආපහු කඩේට ගිහිං දෙන්ඩ!

Thursday, November 5, 2009

අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ


කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමයක් කියල එකක් හැදිලලු ළඟදි දවසක කුරුණෑගල අපේ ජපානයේ ඉන්න යාලුවන්ගේ නොනලා තමයි මේක පටන්ගෙන තියෙන්නේ අනේ කොච්චර හොඳ ද!


හැබැයි ඉතින් හොඳට බලන්ඩ ඕනැ ඔය කියන ගෘහණියො ඇත්තටම කුස්සියට අඩිය තියන කට්ටිය ද කියල. පොල්ලෙලි කෑල්ලකින් ලිපේ අළු ටික එහාට මෙහාට කරල පොල් කොළ තුන හතරක් හනසු කෑල්ලක් දාල ලිප පත්තු කරල අර දුම් වැදිල කළුපාට වෙච්චි කේතලේ ලිප උඩින් තියල වතුර ටිකක් රත්කරල තේ ටිකක් වක්කරල මනුස්සටයි දරුවන්ටයි දීල අල්ලට සීනි ඇට හත අටක් අරගෙන දිව අග්ගිස්සෙන් ඒව එක දෙක අරගෙන හප හපා කහට ටික බොන ගෘහණියක් ද? එහෙමත් නැත්නම් “වැඩට ඉන්න කෙල්ල” නැත්නම් කුස්සි අම්ම හදල දෙන බෙඩ් ටී එක බොන නෝන කෙනෙක් ද කියල.


කලින් කලට ඔහොම සංවිධාන බිහි වෙනව. ඒ නෝනලා පිට පෙනෙන හැට්ට ඇඳගෙන බඩ පෙනෙන්ඩ නාභියටත් පහළින් කලිසං කොට ඇඳගෙන ඇහි බැම ඇඳගෙන “කොණ්ඩේ” “තොල්” පාට කරගෙන ඔන්න යනව ගම්වලට කුස්සියෙ තියෙන අමාරුකම් කියන්ඩ.


මේයාලා අපේ ගමටත් ගොඩබැහල


“අනේ ඔයාලට හරි අමාරුයි නේද? දැන් පාන් හරි ගණං නේද? ඔයාල ඉස්සර පාන් රාත්තලක් ගෙනාව නං දැන් ගේන්නෙ බාගයයි නේද? ඔයාලට හරි පව් නේද? අපි කුස්සිය ගැන හිතනවනේ.


අනිත් එක ඔයාලා දන්නවද සොසේජස් දැන් හරි ගණං. කොකා කෝලා එකක් බොන්ඩත් කීයක් දෙන්ඩ ඕනැද මෙයාලා... පෙරේද කැරමල් පුඩිමක් හැදුව... අනේ බඩු හරි ගණං මෙයාලා. හස්බන්ඩ් ආසයි නේ කැරමල් පුඩිංස් වලට ඒකයි මෙයාලා.. හස්බන්ඩ් ට ෂුගර්... කොච්චර කිව්වත් අහන්නේ නෑනෙ... ස්වීට් මයි හොයන් නේ... මොනව කරන්ඩ ද මෙයාලා... ඒ ගොල්ලො කියන හැටියට අපි ඉන්ඩ එපා යැ... පුරුෂාධිපත්‍යයනේ... අනේ ඔයාල ඔයාල ගේ හස්බන්ඩ්ලට කැරමල් පුඩිං හදන්නේ නැද්ද මෙයාලා.
“අපෝ නෑ නෝනා... අපේ මනුස්සය කැමැති කුරහන් රොටී වලට”
“ඇයි ඔයාගෙ හස්බන්ඩත් ෂුගර් ද? ෂුගර් තියෙන අයට කුරහන් හොඳයිලු නේද මෙයාලා...”


“අනේ අපි ඕව දන්නෙ නෑ නෝනා. ඒ මනුස්සයට ඉහෙන් බහින ලෙඩක් නෑ...”


“එහෙනං එයාලා එක්සර්සයිස් කරනවා ඇති... උදේට වෝක් එකක් දානවද?”


“මං දන්නෙ නෑ නෝනා...”


“ඒ කියන්නෙ දාඩිය දාන්ඩ”


“ඒ මනුස්සය කුඹුරෙ වැඩනෙ... පාන්දර ගියාම උදේට කන්ඩ එන්නෙ දාඩිය පෙරාගෙන...”


“කොච්චර ෂෝක් ද මෙයාලා.. ඉතින් ඔයාලට හරි අමාරුයි නේද මේ දවස්වල.. පාන්


ගණන් නේ...?”


“අනේ නෑ නෝනා... දැන් මඤ්ඤොක්කා හරි ගණන්නේ.... කිලෝ එකක් රුපියල් තිහක් හතළිහක් වෙනවා. මඤ්ඤොක්කා ගහක් ගලව ගත්තාම අපිත් කාල විකුණගෙන හොඳ ගානක් ගන්ඩත් පුළුවන්...”


“ඇත්තද අනේ...


කොහොමද අනේ මඤ්ඤොක්කා කියලා ලියන්නේ....


මයියොක්කා කියලා ලිව්වොත් මදිද මෙයා ලා”


“නෝනා කවුද?”


“අපි කොපිකැට් කියලා ගෘහණියන් ගේ සංගමේ නේ. අපි කුස්සියේ යුද්ධය ගැන කියා


දෙන්ඩ ගමින් ගමට යනවා...”


“නෝනලගෙ ගෙදර කුස්සියේ යුද්ධයක් තියෙනවද?”


“ඒක තමයි මෙයා ලා. මට කුස්සි අම්මගෙන් අහගෙන එන්ඩ බැරි වුණා මෙයා යුද්ධයක් තියෙනවද කියලා...


ඔන්න ඕක තමයි ඔය සංවිධාන හදන ගෘහිණියන්ගේ හැටි.


අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

Thursday, October 29, 2009

තිලකරත්න මුල්ගුරුතුමාගේ ස්ථානෝචිතප‍්‍රඥාව


එක්දහස් නවසිය අසූඑක වර්ෂයේ වයඹ පළාතේ නාරම්මල , කොට්ටවත්ත ප්‍රදේශයේ පාසලක ප්‍රධාන ආචාර්ය වරයා ලෙස සේවය කළ තිලකරත්න මුල්ගුරුතුමා කෙළින් වැඩ කරන නීතිගරුක ගුරුවරයෙකි.

හෙතෙම මහා ශබ්ද නඟමින් මහ මඟ දිව යන යතුරු පැදිවලට දැක්වූයේ මහත්වූ බියකි.
මහා ශබ්ද නඟමින් අධික වේගයෙන් මහ මඟ ගමන් ගන්නා යතුරු පැදිවලට තම පාසල් දරුවන් යටවීම වළක්වා ගැනීම සඳහා හෙතෙම දැක්වූයේ මහත් පරිශ‍්‍රමයකි.

මේ අතර එම ප‍්‍රදේශයේ ජීවත් වූ තරුණ ගැටයකු වූ හමුදාවේ සිටි “ආමි කරුණා” ටේ‍්‍රල් වර්ගයේ යතුරු පැදියක හිමිකරුවා විය.


ඔහු මෙම පාසල අසලින් අධික වේගයෙන් මහා ශබ්ද නඟමින් එහාට මෙහාට යනවිට පාසලේ සිසුන් තම වැඩ නවත්වා එදෙස බලා සිටිනුයේ ඔහු යන වේගය ගැනවූ මහත් බියකිනි.

“ආමි කරුණාගේ යතුරු පැදිය දෙස ගම්මුද බලා සිටිනුයේ මහත්වූ බියකිනි.

දිනක් “ආමි කරුණාගේ’ මෙම යතුරු පැදිය අධික වේගයෙන් පාසල ඉදිරිපිට මහ පාරේ දකුණු දිශාවට ගමන් කළ අතර එය ආපසු නොගිය බැව් දත් තිලකරත්න මුල්ගුරුතුමා එය ආපසු ගියාදැයි අනෙක් ගුරුවරුන්ගෙන් විමසමින් දහවල් 1.30ට පාසල ඇරියමුත්


සිසුනට තම නිවෙස් කරා යා නොදී ඔවුන් පාසලේම රඳවා ගත්තේ දරුවන් පාරේ යනවිට එයට යටවී මහත් අනතුරක් සිදුවේය යන බියෙනි.


යතුරු පැදිය ආපසු නොගිය බැව් දැනගත් මුල්ගුරුතුමා සවස 4ට ආමි කරුණා ආපසු ගියපසු එතෙක් වේලා පාසලේ රඳවා සිටි ළමයින් පිටත් කර හැරියේය.

මේ වනවිට ළමයින්ගේ නොපැමිණීම නිසා කලබලයට හා විමතියට පත් මව්පියන්ද සෑහෙන පිරිසක් පාසල වෙත රොක්වී සිටියහ.

තිලකරත්න මුල්ගුරුතුමා මේ පිළිබඳ කරුණු කාරණා වටහා දීමෙන් පසු ඔවුන්ද ළමයින් සමඟ නිවෙස් බලා පිටත්වූයේ තිලකරත්න මුල්ගුරුතුමාගේ මෙම ස්ථානෝචිතප‍්‍රඥාව ගැන ප්‍රශංසා කරමිනි.

Wednesday, October 21, 2009

හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන


අඹගහගෙදර ඉන්න මහානාම මේ ලඟදි රියදුරු බලපත‍්‍රය අරගත්ත.

ඉතිං හා හා පුරා කියල තමන්ම පදවගෙන යන්න ඕන නිසා ලොරිකුත් අරගෙන අහල පහල යාළුවො ටිකකුත් දාගෙන උණවටුනේ යන්න පිටත් වුණා.

අලුතින්ම රියදුරු බලපත‍්‍රය ගත්ත නිසාම මහානාම බොහොම පරිස්සමෙන් තමයි ලොරිය එළවගෙන ගියේ.

මාර්ග නීති රීති අකුරටම පිළිපදින ගමන්ම පාරෙ යන අනිකුත් වාහනවල රියදුරන්ගෙ වැරදි ගැන යාළුවන්ට පෙන්වා දෙමින් බොහොම ආඩම්බරයෙන් තමයි වාහනේ පදවගෙන ගියේ.

ඔන්න ඉතිං කොහොම කොහොම හරි ගාලු පාරටත් ආව.

එහෙම ආපු මහානාම වාහනේ පදවගෙන යන ගමන් සයිඩ් කණ්නාඩියෙන් නිතරම පිටිපස්ස බලන්නත් සමහර වෙලාවට පාරෙ මැදින්ම, මාර්ගය අවහිර වන විදිහට වාහනය පදවන්නත් වුණා.


තවත් සමහර වෙලාවට මාර්ගයේ අයිනටම වෙලා සමහර වාහන වලට ඉස්සර කරල යන්නත් ඉඩ දුන්නා.

මහානාම මේ කරන වැඩේ අනිත් යාළුවන්ට ලොකු ප‍්‍රහේලිකාවක් වුණා. පාරෙ යන අනිත් වාහන වල රියදුරන්ගෙ හෝන් සද්දෙ ඉවසන් ඉන්න බැරිම තැන යාළුවො අහනව

“මොකද බං මහානාම උඹ සමහර වාහන වලට ඉස්සර කරන්න නොදී පාර බ්ලොක් කරන්නෙ?” කියල.

එතකොට හිනාවෙලා එහෙම මහානාම කියනව

“අනේ මේ කෑ නොගහ ඉඳපල්ල බං. උන් දන්න මාර්ග නීති. උන්ගෙ හිතේ ඇති මට ඉස්සර කරන්න.

එහෙමත් ඉස්සර කරන්න පුළුවන්ද?

අපිට ලර්නර්ස් එකේ උගන්නල තියෙන්නෙ දකුණෙ වාහන වලට විතරක් ඉස්සර කරන්න දෙන්න කියල විතරයි.

ඒ හින්දයි මම ඔය ගාල්ල – මාතර – කතරගම බස්වලට විතරක් ඉස්සර කරන්න දුන්නේ” කියල.

Tuesday, October 20, 2009

"අනේ, තරහ වෙන්න එපා. එදා තාත්තගේ මළ ගෙදර එන්න බැරි වුණා


අපේ යාලුවෙකුගෙ තාත්තා මළා. මැදිරිගිරිය පැත්තේ.


ඉතින් වසන්ත කියන එයාගෙ යලුවකුට යන්න බැරි වුණා. එකක් දුර නිසා. අනික එයාට


එදා වැඩක් තිබුණා.

මරණෙන් පස්සෙ ඉතින් මියගිය අයගෙ (පුතා) අපේ යාලුවා වැඩට ආවා.


ඉතින් මළ ගෙදර යන්න නොලැබුණ වසන්ත ගිහින් මෙන්න මෙහෙම පාපොච්චාරණයක් කළා.

"අනේ, තරහ වෙන්න එපා. එදා තාත්තගේ මළ ගෙදර එන්න බැරි වුණා වැඩක් නිසා.

ඊළඟ එකට ෂුවර් එකටම එනවා"

යාලුවට තද වුණා. ඊළඟ මරණෙ කාගෙද?


කොහොම වුණත් වසන්තට කියන්න අවශ්‍යව තිබුණේ තුන් මාසේ දානෙට එනව කියලා.


ඒ යකාට ඒක කියා ගන්න බැරි වුණා.
යාලුවට තද වුණ නිසා.

Saturday, October 17, 2009

ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ

ඔහු කොළොම්තොටට කිට්ටු රයිගම් කෝරළයේ මිනිසෙකි. කුඩා දවස පටන් කුරුල්ලන්ට මෙන් ම වන සීපාවන්ට ද බෙහෙවින් පෙම් කළ හෙතෙම රැස්වෙහෙරට කිට්ටු ගල්ගමුවේ රැකියාවක් සඳහා ගියේ වනයට ඇති අසීමිත පේ‍්‍රමය නිසාය.

"මේ මහ වනය වෙලාවකට ශාන්ත මුනිවරයෙක් වගේ. දැඩි ශාන්ත බවකින් හා නිහැඩියාවකින් වෙළෙන මහ වනය තවත් මොහොතකින් මහා ශබ්ද පූජාවකට හැරෙනවා.
ඕනෑම මහා යෝධයෙක් මේ වනයේදී පුංචි කුරුමිට්ටෙක් වගේ කි‍්‍රයා කරන්නේ. ඒ වනයේ ඇති අති භයංකර බව හා තේරුම් ගත නොහැකි ආනන්දය නිසයි. දක්‍ෂ ලෙස වචන හසුරුවන මේ මිනියා ඇඟැලුම් කම්හලක ප‍්‍රධාන කළමනාකාරවරයෙකි.

ශාන්ත කුමාර ළමාහේවා ඔහුගේ නමය. ඔහු සේවය කරන ගල්ගමුව "සිල්ක් ලයින්" ඇඟැලුම් කම්හලේ සන්නාලියන් රැස්වෙහෙර හා ඒ අවට මුකලාන්බද ගම්වල වෙසෙන අයයි. ඒ මුකලාන්බද ගම්වල මිනිස්සු ද මේ මිනිසාට අසීමිතව ප්‍රෙර්ම කරති.

ගැමියන්ගේ දානයට මඟුලට ඉලව්ගෙදරට නොවරදවාම සහභාගී වන මේ මිනිසා ගහකොළට වන සතා සීපාවාට දක්වන ආදරය ඔවුනගේ ද සිත් පැහැරගන්නට හේතුවක් විය. පෙනුම සුද්දකු මෙන් වුව ඔහුගේ ගතිගුණ නම් ගැමියකුට බෙහෙවින් ම සමාන ය.
මීට වසර හත අටකට පෙර මහ නාන්නේරියේ සිටි කර්තේලිස් සමග ශාන්ත දැඩි ලෙස මිත්‍ර වී සිටියේය.
දැන් කර්තේලිස් නොහොත් (ටිකිරා) නාන්නේරියේ නැත. ඔහුගේ පවුල හා දරුවන් දෙදෙන දැන් ජීවත් වන්නේ රැස්වෙහෙර අවට මුකලාන් ගමකය.
මී කැඩීමට අති දක්‍ෂයකු වන ටිකිරා හමුවන්නට ඒ දිනවල ශාන්ත නිතර නාන්නේරියට එයි. මීට වසර පහකට පමණ පෙර මී කැඩීමට කැළයේ ඇවිද යද්දී ටිකිරා වලස් පහරකින් මරුමුවට පත් විය.

ඒ බුද්දම ගල්කුලක් මතදීය. ඔහු ජීවත්වන විට ශාන්තට කියු අරුම පුදුම කතාවක් හෙතෙම මට කීවේය.
"ටිකිරා මී කැඩීමට අති දක්‍ෂයි. අපිත් රයිගම් කෝරළයේ ඉඳලා ඇවිත් ඒ කාලෙ ඔහුගෙන් මී පැනි අරගෙන එහෙම යනවා. බුද්දම, රැස්වෙහෙර, ආනමඩුව, සියඹලාණ්ඩුව, කුකුල්කටුව ආදි පෙදෙස්වලට මිනිහා මී කඩන්න ගියා. මේ සිදුවීම වුණේ රැස්වෙහෙර ගන වනන්තරේදී.

"අලුතින් වැස්ස ඇවිත් ටික දවසක් යනකොට මල් පිපෙනවා. ඒ මල්වල පැණි අරගෙන මී මැස්සො වද බඳිනවා. ටිකිරා මේක සහසුද්දෙන්ම දන්නා කෙනෙක්. මිනිහා උදේ රැයින්ම පිටවෙලා ගියේ කවුරුත් බැද්දට රිංගන්න කලියෙන් මී ටිකක් කඩාගන්න.
ඒත්! බැද්දෙ ගාට ගාටා එනකොට මී බැඳපු ගහක් නොවේ හමුවුණේ. මහා පර්වත දෙකක්. මේ පැත්තෙ වැඩියෙන් ඉන්නේ විල් අලි නමින් හඳුන්වන දැවැන්ත වල් අලි. මේ පර්වත වගෙ පෙනුණේ මේ දැවැන්ත විල් අලි දෙන්නයි.

සාමාන්‍යයෙන් තුන් පත් රෑන නමින් හඳුන්වන අලි රෑනේ ඉන්නෙ කෙණෙර උගෙ ඉස්සෙල්ලා මුරේ පැටවා හා පස්සෙ මුරයේ පැටවා යන තිදෙනා පමණයි. ඒත් මෙතැන හිටියෙ දළ ඇතා යි ඇතින්නයි.
පැටවායි. පැටවා එහෙම පිටින් ම මඩ ගුලියක්. උගේ ඇස් පිහාටුවලත් මඩ. ඇස පෙනෙන්න පමණක් ඉඩ තබලා මහ දෙන්නා මේ පැටියගේ ඇගේ සම්පූර්ණ මඩ තවරලා. ඒ කැලෑවේ විස මදුරු ආදී සතුන්ගේ දෂ්ටනයෙන් බේරාගන්න.

ටිකිරා දුටු ගමන් මහ ඇතා හෙණ හඩින් කුංචනාදයක් දැම්මා. ටිකිරාගෙ දෙකකුල් 'සට සට' ගාලා ගැහෙන්න පටන් ගත්තා. ඒ කවදාවත් ටිකිරා ආපස්සට යන මිනිහෙකුත් නොවේ. මිනිහා නැංගා එතැන තිබුණු රූස්ස ගහකට.
පස් දූලි පයින් අඹරවමින් එතැන කලබගෑනියක් කළ මහ ඇතා කෙළින්ම ආවා ගහ පාමුලට. ඌට මේ ගහ හොලවන්නවත් බෑ. නළල තියලා වෙර වීරිය දාලා ගහ පෙරළන්න ඌ දෙතුන් විටක් උත්සාහ කළා.

ගහ තරමක් හෙළවුණ මිසක් මුලින් බුරුල්වන පාටක් පෙනුණේම නෑ. ටිකිරාගෙ හදවත ගැහෙන්න ගත්තා. ඔහු තවත් තදින් අල්ලා ගත්තා. ගහේ කඳ. දැන් පැටියයි. මවු ඇතින්නයි ඉව කැර කැර ගහ වටේ කරකැවෙනවා.

දළ ඇතා ආයෙත් ගහ හොල්ලනවා. ටික මොහොතක් ගතවුණා. ඇතා මවු ඇතින්න ගහයට මුරට දාලා ගියා ළඟ තිබුණු දියත්තකට. හොඬයෙන් ලීටර ගණනක් වතුර පුරවා ගත්තා. ගස් රිකිලි අතරින් දැන් මේ තනි දළ ඇතා එන ගමන ටිකිරට පෙනෙනවා.
ඒ වතුර දහරාව ගෙනැවිත් ඇතා විද්දා ගහේ මුලට. මේ විදියට ඌ නැවත නැවත යනවා. එනවා. වතුර විඳිනවා. ගහේ මුලක් ටිකින් ටික බුරුල්වන බව පෙනුණම ටිකිරට අම්මගෙන් බීපු කිරි රහත් මතක් වුණා.

තනියා අත් හරින්නෙ නෑ උගෙ උත්සාහය. කරන්න දෙයක් නෑ. "ඇතා ගහ ළඟින් ඉවත්වුණාම ගහින් බැහැලා දුවනවා" ටිකිරා කල්පනා කළේ එහෙමයි. එයාට එහෙම හිතුණෙ තවත් පුදුමාකාර අස්වාභාවික සිදුවීමක් නිසයි.
ඇතා වතුර ගෙනෙන්න කැළයට යන වාරයක් පාසාම මවු ඇතින්න පැටියත් සමඟ ගහ ළඟින් ඉවත්වෙලා ඈතට ගියත් ආයෙත් ඇතා ගහ ළඟට එනවිට එයත් ආවා. ටිකිරා මේ සිද්ධිය මුල සිටම දැක්කා. අනෙක එයා කුංචනාද කළේවත්, ගෙරෙව්වේවත්, කලබල කළේවත් නෑ.
මෙයා මට පැනලා යන්නවත් කියනවද? නැත්නම් ඇයි? ඇතා ගියාම ගහ ළඟින් ඉවත්වන්නෙ. ටිකිරට එහෙම හිතුණා. දැන් ගහත් හෙලවෙනවා වැඩියි. ගහ උඩ උන්නත් මරණය. ගසින් බැස්සත් මරණය. කරන්න දෙයක් නෑ. බහිනවා.

එහෙම හිතපු ටිකිරා ගහින් බැස්සා. ඇතින්න දුටුවත් ශබ්ද කළේවත් නෑ. ටිකිරා එක හැල්මේම දිව්වා ඈතටම. ගිහින් තවත් ගහකට නැඟ ගත්තා. කිව්වාට විශ්වාස කරන්න මහත්තයො, ඇතා තවත් නොබෝ වේලාවකින්ම ඒ ගස බිඳ දැම්මා.
ටිකිරා කිව්වෙ එහෙමයි. එයාට ඒ ගස බිඳ වැටෙන ශබ්දය ඇහිලා තියෙනවා. පුදුමය! මේ ඇතින්න සැබෑ මවු සෙනෙහසින් කි‍්‍රයා කරපු එකයි. ටිකිරා වලස් පහරින් බුද්දමදි මිය යන්නට පෙර මේ කතාව අපට කීවා.

එදා ඇතාගෙන් බේරුණත් පස්සෙ වලස් පහරින් මිය ගිය ටිකිරාගෙ වගෙ ජීවිත මේ පළාත්වල අනන්ත තියෙනවා. බැද්ද ඔවුනට මහ නිධානයක්. ඒ වගේම එහි බියකරු බවටත් ඔවුන් මුහුණ දෙනවා.

Friday, October 16, 2009

තමන්ගෙ කෙනෙක් මළාම දැනුම් දෙන එක හොඳයි


මේ කතාව තමන්ගෙ කෙනෙක්ගේ මරණයක් ගැන.


ඒක හරකෙක්. හන්දියේදී ලොරියක හැපිලා හරකා පාරේ.


ඒක බලාගෙන ඉඳපු චමින්ද පොලීසියට ගියා.


ගියත් පොලීසියේ හිටපු රිසර්ව් සාජන්ට මෙහෙම කිව්වා.

චමින්ද - සර් අර හන්දියෙ හරකෙක් මැරිලා.

රි.සා. – ඉතින් වළලනවකො.

චමින්ද - මං ආවේ පොලීසියට කියන්න.

රි.සා. – අයිසෙ හරකෙක් මළාම පොලීසියට කියන්නත් ඕනද. කට්ටිය එකතු වෙලා ඒකා වළලනවා.

ඒක අහගෙන ඉඳපු චමින්ද යන්න ගිහින් ආපහු හැරිලා බලාගෙන ඉන්නවා.

රි.සා. – අයිසේ මං දැන් දෙපාරක් කිව්වානේ. හරක වළලන්න කියල. පොලීසියට කියල වැඩක් නෑ.

චමින්ද- නෑ සර්. තමන්ගෙ කෙනෙක් මළාම දැනුම් දෙන එක හොඳයි නේ.


ඒකයි මම කියන්න ආවේ.

Saturday, October 10, 2009

අම්මයි - නංගියි එකතු වෙලා මඟුල් කිහිපයක්ම කතා කළා. ඒත් එකක්වත් සෙට් වුණේ නැහැ.


ගලගෙදර දෙහිදෙනි‍යේ සිරිලාල්ගෙ ඔළුවෙ කෙස් අඩුයි. හැබැයි මිනිහගෙ රක්ෂාව ගස් බිස්නස් එක. ඔළුවෙ කෙස් නැති තරහට වගේ කැලෑවෙ තියෙන ගස් ටිකත් කපල අඩු කරනවා. ගස් කපල ලී ඉරලා විකුණනවා. මිනිහට සරුයි. දැන් ඉතින් කසාදයක්‍ තමයි ප්‍රරශ්නේ.


අම්මයි - නංගියි එකතු වෙලා මඟුල් කිහිපයක්ම කතා කළා. ඒත් එකක්වත් සෙට් වුණේ නැහැ. අන්තිමට එක තැනක් හරි ගියා.


සිරිලාල් දැන් ඉතින් ඒ ගෑනු ළමයා බලන්න සතියකට වරක් යනවා.

ඒ අතරෙ ජංගමයට ටෙලිෆෝන් කරනවා.


එක පාරක් සිරිලාල් ටිකක් දුර පළාතක ගස් වගයක් ඉරන්න ගියා.


කෙල්ල බලන්න යන්නත් බැරි වුණා. ජංගමයට කෝල් එකක් දෙන්නත් බැරි වුණා.

මොකද දන්නවාද ජංගමයට සිග්නල් නෑ. ඔන්න ඉතින් සති දෙකකට පස්සෙ ගෙදර ඇවිත් අතින් කටින් ඩැහැගෙන තෑගි බෝග අරන් කෙල්ලගෙ ගෙදර ගියා.


සිරිලාල් දැක්ක ගමන් ගෑනු ළමයා අඬාගෙන ගෙට දිව්වා. අම්මා සිරිලාල්ගෙ ඇඟට කඩා පැන්නා.


"ඈ යකෝ උඹ වගේ කිසි ප්‍රතිචාරයක් නැති එකෙකුට මගේ දුව දෙයි කියල උඹ


හිතුවද? ආයි මේ පැත්ත පළාතේ ආවොත් අඬු කනවා." අම්මා කියපි.

සිරිලාල්ට හොල්මන්. මොකක්ද යකෝ මේ වුණේ කියලා.

"ඇයි ඇන්ටි මොකක්‍හරි ප්‍රරශ්නයක් ද?" පුදුම වෙච්ච සිරිලාල් ඇහැව්වා.

"ප්‍රරශ්නයක්! අනේ හැබෑට මූ අහන ලස්සන. පහුගිය සති දෙකේම මේ පැත්ත පළාතෙ


ආවෙ නැහැ. අපි කොච්චර ජංගමයට කෝල් කළාද? කතා කරන හැම පාරටම කවුදෝ


වරෙත්තු ගෑනියෙක් ලව්වා කිසි ප්‍රතිචාරයක් නැත කියල කියවන්න උඹට ලැජ්ජා නැද්ද


යකෝ? එහෙම කියපු අම්මා ගේ ඇතුළට ගියා.

සිරිලාල්ට දැන් තමයි තේරුණේ ජංගමයට සිග්නල් නැති පළාතක හිටපු එක.

Saturday, October 3, 2009

ස්ටාට් එක තමයි ඔයා දුන්නේ. පැය භාගයකට පස්සෙ “රායිට් ඕ.කේ.


මිනිසුන්ට වරදින කොට පෝලිමේ වරදිනවා. වැරදුන වග තේරෙන්නේ කවුරු හරි හිනා වුණාමයි.


කෙනෙකුට කැසට් පිස්සුවක් හැදිලා. ඒ පිස්සුව හැදුණේ රුපියල් දහදාහක් විතර හොයා ගත්තට පස්සෙයි.


ඔන්න ඉතින් ඒ සල්ලි ටිකත් අරගෙන මිනිහ ඉස්සෙල්ලාම ගියා Variety Cassette එකක් ගැන හොයන්න ඒ කියන්නේ ගායක ගායිකාවෝ කීප දෙනකුගෙ සින්දු එකතු කරල කැසට් එකක් කරන්න.


"හපෝ ලක්ෂයක්වත් යාවි" කැසට් පිළිබඳ විශේෂඥයෙක් කිව්වා. ඊළඟට ගියා One man cassette එකක් නිපදවන්න. ඒ කියන්නේ එක ගායකයකුගේ සිංදු එකතුවක්. ඒකටත් ඉල්ලුවා පනහක්.


ඊළඟට ගියේ විරිඳු කාරයෙක් ළඟට විරිඳු කැසට් එකක් කරන්න.


"මං අපේ කොම්පැනියට නම් කරන්නේ තිහකට. ඔයාට පනහකට කරන්නම්" විරිඳුකාරයා කිව්වා.


අතේ තියෙන්නේ දහදාහයි. රුපියල් දහදාහත් අරන් රට හැමතැනම ගියා. කිසිම වැඩක් උනේ නෑ.


අන්තිමේදී මිනිහට මුණගැහුන කැසට් ඔස්තාර් කෙනෙක්. මිනිහ සියලු උපදෙස් තිතට දුන්නා. මෙන්ම මෙහෙමයි.


ඔස්තාර් - ඔයා ගහන්න සමාධි භාවනා කැසට් එකක්.


යාලුවා - ‘භාවනා’. මරු කීයක් යාවිද?


ඔස්තාර් - අයියෝ වැඩිම වුණොත් පන්දාහයි.


යාලුවා - කොහොමද ඒක කරන්නේ?


ඔස්තාර් - මුලින්ම ඔයාගෙම වොයිස් එක කැසට් එකට එකතු කරනවා. වචන ටික මෙහෙමයි.


"Ready එකයි.. දෙකයි.. තුනයි"


එතැන ඉඳල ඔන්න කැසට් එක Play වෙනවා. හැබැයි silent කිසිම ශබ්දයක් නෑ.


මීයට පිම්බා වගේ. ඕනෑම කෙනෙකුට භාවනාව පටන්ගන්න ස්ටාට් එක තමයි ඔයා දුන්නේ.


පැය භාගයකට පස්සෙ “රායිට් ඕ.කේ. කියලා ඔයාගේ වොයිස් එක එනවා. භාවනාව ඉවරයි.


කොහොමද වැඩේ.


යාලුවා - නියමයි.

Saturday, September 26, 2009

අලුත්ම හෝල්ට් එකේ අලුත්ම කෑල්ලක්


ඔය බස්වල යන අය බොහෝ දුරට බහින්නේ හෝල්ටින් ප්ලේස් වල නෙවෙයි.


ඒක පුරුදු කළේ ප‍්‍රයිවට් බස් කාරයෝ.


ඕනම කෑල්ලක් දැක්කම ඕන තැනක නතර කරනවා.


පාර මැද වුණත් කමක් නැහැ.


ඒ නිසා සමහරු හෝල්ට් එකේ නෙමෙයි අතරමඟ බැහැ ගන්නත් පුරුදු වෙලා.


බහින අය පාපුරුවට ඇවිත් රියැදුරු මහත්තයට විවිධ තැන් කියල බහිනවා.


“ඩ‍්‍රයිවර් මහත්තයෝ. ඔන්න ඔය තේ කඩේ ළඟ මාව දාලා යන්න”


“ඔන්න ඔය ලියුම් කණුව ළඟ මාව දාලා යන්න ’’


“ඔන්න ඔය නොනා ළඟ මාව දාලා යන්න ”


’අනේ මං ඔය ලයිට් කණුව ළඟ බස්සන්නකො”


ඔය විදියට එක දවසක් පිරිමි කෙනෙක් පාපුරුවට බැහැල ඩ‍්‍රයිවර්ට මෙන්න මෙහෙම කිව්වා.


“ඩ‍්‍රයිවර් මහත්තයෝ මම ඔය හුඹහ ළඟ දාලා යන්න කො”


ඩ‍්‍රයිවර් හුඹහ ළඟ ස්ලෝ කරලා මිනිහා බැස්සුවා.


බස් එක අද්දන ගමන් ඩ‍්‍රයිවර් කොන්දොස්තරගෙන් මෙන්න මෙහෙම ඇහැව්වා.


“ ඈ බං ඒ බැස්සෙ නයෙක් ද?”




Friday, September 25, 2009

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව ඔබ දැනුවත්ද ?



තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා පිළිබඳව ඔබ දැනුවත්ද ?

ICTA මගින් මෙහෙයවන විශේෂ වැඩමුළුවට ඔබත් කුරුණෑගල එන්න.


සැප්තැම්බර් 26 කුරුණෑගල ශාන්ත ආනා විදුහල් පරිශ්‍රයේ දී

වැඩමුළු වේලාවන් :



පළමුවැනි සැසිය 11.00 am to 11.45 am



11.00am to 11.45am තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබද වෘත්තීමය මඟපෙන්විම පිළිබද වැඩමුළුව IT-BPO career presentation by ICT Agency


11.45 am to 11.55 am presentation by Intel EM(Pvt)


11.55 am to 12.05 am presentation by esys Technologies (Pvt)Ltd


12.05 am to 12.25 am Question & Answers session


දෙවන සැසිය 01.30 pm to 03.00 pm


තුන්වන සැසිය 04.00 pm to 05.30 pm


මෙක පොඩි මැඡික් එකක් ඔයලත් කරල බලන්න



මෙක පොඩි මැඡික් එකක් ඔයලත් කරල බලන්න නිකම් ඉන්න වෙලාවක ටියුබ් එකේ තමා තිබුනේ හරිම පහසුයි වැඩිය කාටවත් කියන්න එපා

Wednesday, September 23, 2009

”මේ අයියෙ ඌරු මස් කීයද?”


මේක බීම සම්බන්ධ කතාවක්. අපේ යාළුවා කඩවත සමන්ත තමයි එවලා තියෙන්නේ.
”උඩුපිල නිමල් දවසක් කට්ටිය එක්ක පොඩි ගමනක් ගියා. කිරිඳිවැලට එහා ගෝනහැර දෙනියෙ ඉන්න ඥාතියකු ගෙ ගෙදරටයි ගියෙ. හදිසියෙ යොදා ගත්තු ගමන නිසා අත්‍යවශ්‍ය කිසිම දෙයක් ගන්නත් බැරිවුණා.


කොහොම වුණත් මගදි මයියොක්කා කිලෝ පහකුයි රට බීම සාප්පුවකින් දශ මූල අරිෂ්ට බෝතල් දෙකකුයි මිලට ගත්තා.


දැන් ඉතින් මයියොක්කා කන්න මොනවා හරි තිබුණොත් තමයි හොඳ එක මනුස්සයෙක් මේ වෙලාවේ ඇවිත් හොඳ ආරංචියක් දුන්නා ඒ තමයි ගෝනගල්දෙනියෙ පොළේ වල් ඌරු මස් විකුණනවා කියලයි.


”එහෙනම් ඉතින් ගිහිල්ලා කිලෝ දෙක තුනක් අරන් වරෙල්ලා” නිමල් අයිය කුමාරටයි සමන්තටයි කිව්වා. කුමාර ගේ සයිකලයට නැගලා විනාඩි දහයෙන් පොළට ගියා.


දැන් කුමාරයි - සමන්තයි පොළේ වල් ඌරු මස් හොයනවා. ළඟ පාතක නෑ. තව ටිකක් වට පිට බලන කොට ඈත කොනක ඌරු මස් විකුණනවා. බැලින්නම් වල් ඌරු නෙවෙයි ගං ඌරා.


ඒ වුණත් සමහර විට වෙළෙන්දා වල් ඌරු මස් හංගල තියාගෙන විකුණනව ද දන්නෙත් නෑනෙ? මොකද තහනම් දෙයක් නෙ. ඒ හින්ද සමන්ත හෙමින් වෙළෙන්දට කිට්ටු කරල මෙහෙම ඇහුව.


”මේ අයියෙ ඌරු මස් කීයද?” කියල.



”ආ... මේව මල්ලි කිලෝ එක 250/- යි. වෙළෙන්දා කිව්ව.


”මේ... ඒක නෙමෙයි අයියෙ... අපි මේ හෙව්වෙ නම් වෙන ජාතියක්... ඒ කියන්නෙ ‘වල් ඌරු මස්’ ඒව නැද්ද?” සමන්ත ඇහුව.


”අයියෝ... මල්ලි වල් ඌරු මස් හැම දා ම ලැබෙන්නෙ නෑ... ඉඳල හිටල තමයි අහුවෙන්නෙ” වෙළෙන්දා කියාපි.


”මල්ලිට කියන්න බය නැතිව ගෙනියන්න. මේව නියම බඩු” ගං ඌරව පෙන්නල වෙළෙන්දා කිව්ව.


”ඒ වුණාට අයියෙ... මේව වල් ඌරු මස් නෙමෙයි නේ. මේව නම් අපේ පැත්තෙත් ඕන තරම් තියෙනව.”


”බය නැතුව අරං යන්න මල්ලි... මම මල්ලිට ගැරන්ට් කරල කියනව මූ හෙන වල් ඌර,
මොකද?
මම මගෙ අත්දැකීමෙන් ම ඒක දන්නව. මල්ලිට කියන්න... මගෙ ඌරු කොටුවෙ හිටපු
එක ම ඊරියෙකුටවත් මූ ඉන්න දුන්නෙ නෑනෙ.
මූ හෙණ වල් ඌරා” වෙළෙන්ද කියාපි.

අනගාරික ධර්මපාලතුමාගේ 145 වන ජන්ම දිනය නිමිත්තෙනි.


අනගාරික ධර්මපාල තුමාගේ 145 වන ජන්ම සංවත්සරය සැප්තැම්බර් 17 වන දාට යෙදුනි එතුමාට උපහාර වශයෙන් පළ වන ලිපියකි.


ලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය. සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රී මත් අනගාරික ධර්මපාලතුමා ය. එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.


ධර්මපාලතුමා උපන්නේ අදට වඩා බෙහෙවින්ම වෙනස් වූ යුගයක ය. විදේශීය ආධිපත්‍යයෙන් රට ජාතිය, ආගම, සංස්කෘතිය, සභ්‍යත්වය දෙදරුම් කතු යුගයක පන්සල, පිරිවෙන, භික්‍ෂූන් වහන්සේ ජනතාවගෙන් ඈත් කරන්නට කටයුතු කළ අවධියක, විමුක්ති සටන් කුරිරු ලෙස වර්ධනය කරමින් දේශපෙ‍්‍රමීන්ගේ ඉඩම් පවරා ගනිමින් ජනතාව අසරණ වී කරන ලද වකවානුවකදී ය. කොටින්ම කියතොත් සිංහලකම, බෞද්ධකම සහ මුලින්ම විනාශ කරමින් අධිරාජ්‍යවාදයෙන් මහා පීඩනයට පත් කාලයක ය. එබඳු අවස්ථාවක දේශපෙ‍්‍ර්මී ජාති හිතෛෂියකු හිස ඔසවා නැඟී සිටිමින් කටයුකු කරනවා යනු ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. සැබවින්ම අප කථානායක අනගාරික ධර්මපාලතුමාට ගෙන යෑමට සිදු වූයේ බරපතල සටනකි.


කීර්තිමත් වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ බෞද්ධ කටයුතු පිළිබඳ දැඩි කැපවීමකින් කටයුතු කළ සමාජ සේවක මාතර හිත්තැටියේ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා සහ මල්ලිකා හේවාවිතාරණ දෙපළට 1864 සැප්තැම්බර් 17 දින උපන් මේ පින්වත් කුමරා ඩේවිඩ් යන නාමයෙන් හැදුණේ වැඩුණේ, පසු කළ එම අපර නාමයෙන් බැහැරව ධර්මපාල නාමයෙන් හැඳින්වෙමින් “ශ්‍රී මත් අනගාරික ධර්මපාල” නමින් ලෝකප‍්‍රකට ශ්‍රේෂ්ට නායකයා වූයේ ය.


පිටකොටුවේ ශාන්ත මේරි, කොටහේනේ ශාන්ත බෙඩනඩික්ට්, මෝදර ශාන්ත තෝමස් ආදී විදුහල් තුළින් අධ්‍යාපනය ලබමින් කිතු දහම පිළිබඳව මනා අවබෝධයක් ලැබීය. සෙනසුරාදා දිනයන්හි කොටහේනේ දීපදුත්තාරාමයට ගොස් වාදීහසිංහ මොහොට්ටිවත්තේ ගුණානන්ද ඛ්ඹ්මිපාණන්ගේ ව්‍යක්ත දේශනවලට සවන් දෙමින් කිතු දහමත් බුදු දහමත් අතර වෙනස මැනවින් තේරුම් ගත්තේ ය.


පිටකොටුවේ පුස්තකාලයෙන් සිය දැනුම පුළුල් කර ගත් ඔහු අනුන්ට නොකළ හැකි දේ කරන්නට අනුන් නොයන මඟ යන්නට තැත් කළ එඩිතර තරුණයකු විය. ඉංගී‍්‍රසි භාෂාව ප‍්‍රගුණ කළ ඩේවිඩ්, රජයේ ලිපිකරුවකු බවට පත් ව කටයුතු කළේ ටික කලකින් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය තකා කටයුතු කිරීමේ අවශ්‍යතාව සිය මවුපියනට ලියා යවමින් රැකියාව ද අත් හරිමින් ධර්මපාල යන නාමය ගනිමින් ලෝකසත්වයාගේ යහපත සඳහා සිය ජීවිතය කැප කළේ ය.


වර්ෂ 1880 මැයි 17 වන දින එතුමන්ට ජීවිතයේ වැදගත් දිනයක් වූයේ එතුමාගේ ගමන්මග හා දැඩිව බැඳුණු සෙන්පති ඕල්කට් තුමා හා බිලැට්මිස්කි මැතිනිය ගාලු වරායෙන් ලංකාවට සම්ප‍්‍රාප්ත වීමය.
ඕල්කට්තුමා බෞද්ධාගමික ප‍්‍රබෝධය පිණිස රටපුරා කළ සංචාරයේ දී ඔහුගේ ඉංගී‍්‍රසි කථා සිංහලට පරිවර්තනය කිරීමේ කාර්යට ඉදිරිපත් වූයේ ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා ය.


බුද්ධගයා ශුද්ධ භූමිය හින්දුන් විසින් අත්පත් කොට බුදු රූ ඇතුළු බෞද්ධ වස්තූන්ට කළ හානිය, නිග‍්‍රහය ධර්මපාලතුමා තුළ සංවේගය උපදවන්නක් විය.
1891 මාර්තු 18 දින කල්කටාවට පැමිණි බුරුම බෞද්ධයන් බුද්ධගයාව බේරා ගැනීමට පොළඹවා ගනු පිණිස එතුමා බුරුමය බලා පිටත් විය. 1891 මැයි 31 විද්‍යෝදය පිරිවෙණේ බුද්ධ ගයා මහා බෝධි සමාගම ඇරඹුයේ බුද්ධගයාව බේරා ගැනීමේ ජාත්‍යන්තර උද්ඝෝෂණයක් ඇරැඹීමට ය. 1891 ජූලි 17 බුද්ධගයා ධර්මදූත සේවයේ නායකයා ලෙස ඉන්දියාවට ගොස් එහි බුද්ධගයා ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡාවක් කැඳවීය. කල්කටා මහා බෝධි සමාගම ඇරැඹූ එතුමා 1891 මැයි මස මහාබෝධි සඟරාව, ඇරැඹීය. ලොව තවත් රටවල මහා බෝධි සමාගම් ද පිහිටුවීය. 1893 සැප්තැම්බර් මස චිකාගෝ නුවර ජගත් දෘෂ්ටි සම්මේලනයට සහභාගිව කළ දේශනය අපරදිග බුද්ධිමතුන්ගේ සිත් සතන් බුදුසමය වෙත නැඹුරු කරවීය. නොයෙක් රටවල සංචාරය කළ එතුමා ජපානයේ දී මහත් හරසරින් පිළිගන්නා ලද්දේ පස්වසරක්ම එහි ධර්ම ප‍්‍රචාරයේ නියැලුණේ ය. ලක්දිව පුරා සංචාරය කරමින් සිංහල බෞද්ධයන් පුබුදු කළ එතුමා නිදා සිටි සිංහලයාගේ, බෞද්ධයාගේ ආත්ම ශක්ති අවදි කිරීම අතිශය වැදගත් කරුණක් විය.


1915 සිංහල මුස්ලිම් අරගලය නිසා වූ නොසන්සුන් වාතාවරණය ධර්මපාලතුමාගේ ධර්ම ප‍්‍රචාරක කටයුතු වලට බාධාවක් විය.


1906 ඇරැඹුණු “සිංහල බෞද්ධයා” පත‍්‍රය ද මෙකල නතර විය. 1915 ජූනි මාසයේ දී එතුමා කල්කටාවේ දී සිරභාරයට ගන්නා ලදී. 1922 දී යළි සිංහල බෞද්ධයා ඇරැඹුණු අතර, ලංකාවේ බෞද්ධයන් නගා සිටුවමින් ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප‍්‍රබෝධයට ඇප කැපවෙමින් පුරෝගාමී වූයේ ය. 1931 දී අවසන් වරට ලංකාවෙන් පිටවී ගිය එතුමා 1931 ජූලි 13 දින බරණැස ඉසිපතනාරාමයේ දී සිරි බෝරුක්ගමුවේ රේවත හිමියන් වෙතින් සිරිදේවමිත්ත ධම්මපාල යන නමින් පැවිදි බිමට පත්ව 1932 දී උපසම්පදාව ද ලැබීය. 1933 වන විට ශරීර ශක්තිය දුර්වල නමුත් බුද්ධගයාව බේරා ගැනීමේ කටයුතු පිළිබඳව කි‍්‍රයා කළේ ය. 1933 අපෙ‍්‍ර්ල් 29 දා මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මෙලොවින් තුරන්වූයේ තථාගත ධර්මය ලොව ප‍්‍රචලිත ඛ්ලම සඳහා මතු යළි උපදින්නෙමිය යන උත්තරීතර අදහස ද ඇතිව ය.


කල්කටාවේ අග‍්‍රවිනිශ්චකාර ශ්‍රීමත් මහ්මථනාථ මුඛර්ජි මහතා ධර්මපාල තුමාගේ ධර්ම ප‍්‍රචාර සේවාව ධර්මාශෝක රජුගේ ධර්ම ප‍්‍රචාර සේවයට පමණක් දෙවැනි යැයි සඳහන් කරයි.


සමාජය සකස් කරන්නට ධර්මපාල තුමා මුළු රටපුරාම ගියේ ය. “රහමෙර පානය කරන්න එපා ගෙරි මස් කන්න එපා” කියමින් රට පුරා යමින් ජන හදවත් අවදි කළ එතුමා “ගොන්තඩියා, වල් බූරුවා” වැනි ආමන්ත‍්‍රණ යෙදුවේ හුදෙක් මිනිසුන් ගැන කරුණාව නිසාම ය. යුරෝපීයයන්ට බියෙන් මුළුගැන්වුණු සිංහල ගැමියා තුළ තිබූ එම බිය තුරන් කිරීමට ධර්මපාල තුමා උපක‍්‍රමශීලීව කටයුතු කළේ ය. මත්පැන් පානයෙන් රට විනාශ වී යෑම ගැන රටවැසියන්ට දැඩි ලෙස අවවාද දුන් එතුමා සුරා යකාගෙන් මේ පින්වත් දිවයින බේරා ගත යුතු යැයි හඬ නැංවීය.


අන්ධ ලෙස බටහිර අනුකරණය කිරීම ගැන සිංහලයන්ට දොස් පැවරූ එතුමා ජාතික සිරිත් විරිත් වල අගය පෙන්වාදුන්නේ ය. ඇඳුම්, පැළඳුම්, චාරිත‍්‍ර, වාරිත‍්‍ර, කෑම බීම මේ ආදී සෑම කරුණක් ගැනම පෙන්වා දුන්නේ ය. ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය දේශීය කර්මාන්ත ව්‍යාපාර ගැන පැවසූ එතුමා විවිධ කර්මාන්ත පුහුණුව සඳහා සිංහලයන් ජපානයට පිටත් කරලීය. පේෂ කර්මාන්තය ආදී කර්මාන්ත ඇරැඹීමට එතුමා මුල් විය. ජාතික අර්ථකථනයක් ගොඩ නඟා නැගීමට එතුමා මහත් සේ දායක විය.


එතුමාගේ සටන අංශ රැසක් කරා පැතිර ගියේ ය. ආගමික අංශය එහිදී ඉහළින්ම කැපී පෙනිණි. අධ්‍යාපනය ලැබීමේ උවමනාව ජාතිකත්වය අධිරාජ්‍ය විරෝධී ආකල්ප ඒ අතර ප‍්‍රමුඛ විය. අදට වඩා බෙහෙවින් වෙනස් වූ යුගයක එතුමා තම අදහස් කි‍්‍රයාත්මක කරන්නට පුදුමාකාර ප‍්‍රයත්නයක් දැරී ය. දූරදර්ශී විචක්ෂණ නුවණින් කි‍්‍රයා කළ මේ උදාරතර ශ්‍රේෂ්ඪ සිංහලයා, නොවන්නට අද දඹදිව බෞද්ධ උරුමය ලොවටම අහිමි වනු නියත ය. ධර්මාපාපතුමාගේ මහත් වූ සේවය අගැයීමට එය පමණක් වුවද සෑහේ. සිංහල ජනතාවට, ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නොව ලෝක ජනතාවට අත්‍යුදාර මෙහෙයක් ඉටු කළ මෙම ශ්‍රී ලාංකික යුග පුරුෂයා ලෝක බෞද්ධ ජනතාවටම සේවය කළ ශ්‍රේෂ්ඨ පුද්ගලයකු ලෙස සැලකිය හැකි ය.

මා අද තනිකර පුහු මිනිසෙක් විය ලෝකය හමුවෙහි නැති තත්තේ


බලාපොරොත්තුවෙ සිතුවිලි වැල් සුරතලයෙන් එහෙ මෙහෙ පැන යද්දී

අලුත් ලෝකයක ඉරියව් අතරේ මගෙ පරිසරය ම නැළැවෙද්දී

දෙහදක් අතරේ ගොඩ නැගූණු අදහස් මන්දිරයක් මෙන් බැබළෙද්දී

සැකයක් දුටුවෙමි ඔබ හිනැහෙන විට අදහා ගනු බැරි ලෙස සිද්දී




කොතැනක සිට මේ සැකයට තුඩු දෙන දේවල් ආවද නැත දන්නේ

නොපුරුදු නොම දුටු තැන්වල වෙහෙසව සොයමින් අද මා ළත වන්නේ

පලක් වේද එනමුත් නොම දන්නෙමි ලෝකය නැත තව අඳු නන්නේ

උපදින සිතුවිලි තිඹිරි ගෙයි ම මිය යන්නට එහෙයිනි සැර සෙන්නේ




මෙතුවක් කල් මා ඉපැයූ වස්තුව පොදි බැඳ ගෙන මේ මග ආවේ

එය දැන් කොතැනක තැබුවද නොදනිමි මතකය වෙත තාමත් නාවේ

බලාපොරොත්තුවෙ සිතුවිලි මෙතනින් අහවර වී යන බව සීවේ

සැකය ඔබගෙ හෙළු බැල්මෙහි කැටිවුණ මගෙ දෙනුවන අඩපණ වූවේ



සිනාවෙන්න මට නැහැ කිසි බලයක් කඳුළු කැටයි ජය අර ගත්තේ

කාලයෙ වැලි කඳු අවහිර කරමින් තව තව උස් වෙයි හැම පැත්තේ

මා අද තනිකර පුහු මිනිසෙක් විය ලෝකය හමුවෙහි නැති තත්තේ

වස්තුව මා සතු ඇස් බැන්දුමකින් වාගෙයි ඔබ අරගෙන ඇත්තේ

Tuesday, September 22, 2009

වසරේ දැවැන්තම පරිගණක තාක්ෂණ ප්‍රදර්ශනය

MINI INFO TEL KURUNEGALA 2009


MINI INFO TEL KURUNEGALA 2009


අගනුවරින් පිටත පැවැත්වෙන වසරේ දැවැන්තම පරිගණක තාක්ෂණ ප්‍රදර්ශනය 2009 සැප්තැම්බර් 26 සහ 27 යන දිනයන්හීදි කුරුණෑගල සාන්ත ආනා විදුහලේ දී පැවත්වේ.

සංවිධානය 99 ආදි ශිෂ්‍යය කණ්ඩායම.






වැඩි විස්තර සඳහා අමතන්න

“නෙළුම්/මධුසලා” SLCVE- 011-2665262,011-4713822.

“සරත්” 0772447526
“නව්ෂාඩ්” 0777206010


Thursday, September 17, 2009

‍ඉවසා දරා ගැනිම හා තොප්පිය හරි නම් දා ගැනීම


ඔ‍‍‍බේ වැරදි පෙන්වා දෙනවට ඔබ අකමැතිද ? ඔබ ඵය නුරුස්සන්නේද ? ඵසේ නොසිතන්න. ඔබේ වරදක් යම් කෙනෙකු පෙන්වා දෙන්නේ නම් ඵය අගේ කොට සලකන්න. කවදා හෝ කවර වෙලාවක හෝ වරද වටහා ගතයුතු වෙයි. ඔබට ඉන් පලා යාමට නොහැක.

අනුන් පෙන්වාදෙන වරද නුරුස්සන්නේ නම් ඔබ පළමුවෙන් ම කළ යුත්තේ ඔබ ඔබේම වරද සොයා ගැනීමය. මම උදා හරණයක් පෙන්වා දෙන්නම් ලිවීමට දක්ෂ ඇය කවි කෙටි කතා ලියනවා මම ඵ්වා අගේ කරනවා ඇය ලියන කවි , කෙටිකතා වල වරද මට නම් පේන්නේ නැහැ ඵහෙත් ඇය ඵ්වා ඵකින් ඵක කියවලා ඵ්වායේ වරද මට පෙන්වා දෙනවා. ඵ් වරද නිවැරදි කරමින් ඈ යළි යළිත් ඵ්වා ලියනවා.

ඇයට ඇත්තේ පුදුම ආත්මශක්තියක්. ඇගේ වරද ඇය විසින්ම පිළි අරගන්නා නිසා වරදක් වෙන කෙනෙකු පෙන්වා දුන්නත් පිළිගැනීමේ ශක්තියක් ඇයට තියෙනවා.

කෙනෙකුගේ හපන් කම් හෝ දක්ෂතාවයන් අගේ කරන අතරම , යම් කිසි වරදක් ඇත්නම් ඵය පෙන්වා දීමත් ඵ් වගේම උතුම් ගුණංගයක්. ඵය ඵම පුද්ගලයාට කරන සේවයක්.

අන් කෙනෙකුගේ ගැන දොස් විවේචනයක් නොමැතිව තමාට අංගසම්පුර්ණ කෙනෙකු විය නොහැක. ඵ් නිසා ගුණ දොස් විවේචන තමාගේ සුභ සිද්ධිය තකා කෙරෙන්නක් ලෙස සලකන්න.

තමාට තමාගේ වරද නොපෙනේ. ඵ් තව කෙනෙකු සිතන ආකාරයට තමාට සිතීමට නොහැකි නිසාය ඵ් නිසා හට ගන්නේ පරස්පර විරෝධ ගැටුමකි. අපි බෝ හෝ දෙනා අප සතු දුර්වලතා වටහාගන්නේ නැත. අප වැඩියෙන් කැමති වන්නේ අනුන්ගේ වැරදි හුවා දැක්වීමටය. ඵහෙත් අපි අපගේ වැරදි අවබෝධකර ගන්නා තුරු අපට ශක්තිමත් විය නොහැකිය. ඵය අපි හොදින් සිහිපත් කරගතයුතු සත්‍යයකි.

හොදම විසදුම නම් පලමුව විවේචනය කරන්නා හදුනා ගන්න !








ඔහු හො ඇය අදාල කරුන හරිහැටි නොදැන සෙස්සන් ඉදිරියේ වීරයකු වන්නට උත්සහ කරන්නේ නම් ඵම විවේචන පුස් වෙඩිල්ලක් ලෙස සලකන්න. මතක තබා ගන්න ඌරෙකුට තවත් ඌරෙකු වලක් හාරා දෙන්නේ නැත. ඵ වල් ඌරාගේ හැටිය.

ඵ් හෙත් ඵ විවේචන සවධානව අසා සිටින්න. ඵ් විවේචනය කරන්නා සියලු දේ දන්නා බව අනුන් ඉදිරියේ රගපාන්නේ ඔහුට වඩා දන්නා අයකු මේ සමාඡයේ නැති බව පෙන්වීමටය නැති නම් විවේචනය කිරිම ඡන්ම පුරුද්දක් කර ගත් අය මෙවැනි විවේචන කරති. ඔහුගේ අඩුපාඩු ඔහුට පෙනෙන්නේ නැත ඵ් හැටිය. ඔවුන් හට අනුකම්පා කරන්න මන්ද මෙය හීනමානයෙන් පෙලෙන්නන්ගේ හැසිරිමකි නැති නම් මේය ඵක්තරා මානසික රෝගයකි.

තව කෙනෙකුගේ අදහස් නොවිමසා කෙනෙකුට ඡීවත් විය නොහැක. කෙනෙකුගේ දියුණුව රදා පවතින්නේ තමා කෙරෙහි අන්‍යයන් දරණ විශ්වාසය මතයි තමා කෙරෙහි විශ්වාසයක් ඇතිකර ගැනීමට තමා සතු වැරදි සොයා බලා නිවැරදි කරගතයුතුය.

ඔබ යම් තැනක සේවය කරන්නේ නම් ඔබේ ප්‍රධානියා පෙන්වාදෙන වරද පිළි ගැනීමට ශක්තියක් ඔබ තුළ තිබිය යුතුය. ඵම වරද පිළිගෙන නිවැරදි කරගැනීමේන් ප්‍රධානියාගේ සිත් දිනාගත හැක.


‍අද බොහො දෙනා ඡිවත් විමට හුරුවී ඇත්තේ ආකුල ව්‍යාකුල මනසකිනි. නිතර කොපයට පත්වන. වෛරය පෙරෙන මනසක් තුළින්ය. මතක තබා ගන්න. මිනිසුන් වශයෙන් අපට මහා ලොකු කාලයක් ඉතිරි වී නැත. මිනිසකුගේ ආයු කාලය අවරුදු 70 ක් ලෙස උපකල්පනය කළද අප ඡිවිත කාලයෙන් දැන් සැළකිය යුතු කාලයක් ගෙවී ගොස් ඇත.


මේ විරල මිනිස් බව ලබා උපන් අපි සර්වසම්පූර්ණ නොවන්නෙමු. අපි අතර වැරදි තිබේ. කවුරුන් අතින් වුවද වැරදි සිදුවේ. ඵම නිසා වැරදි පෙන්වා දුන් කළ ඵ් පිළිබද කනගාටු වීම මෝඩ ක්‍රියාවකි. විවේචනවලට නිර්භයව මුහණ දෙන ගමන් ඡිවිතය හැඩ ගසාගන්න. මිතුරු මිතුරියන් ගෙන් ඔබ පිළිබදවත් ඔබේ වැඩ පිළිබදවත් විමසන්න. විවේචන අගේකරන බව අගවන්න ඔබ වීවේචන නොරිස්සන බව වැටහුනවිට අන් අය ඵ්වා හෙළි කිරිමට මැලිවනු ඇත ඵය ඔබේ දියුණුවට බාධාවකි.

කෙනෙකු කරන විවේචනයක් ඇසීමෙන් සිත් තැවුලට පත් නොවන්නේ යැයි කීම බො‍රුවකි. ඵසේ වුවද ඵය ඉවසීමෙන් යුතුව අසන්න වේදනාවෙන් වුවද වරදක් ඇත්දැයි බලා ඵය නිවැරදි කරගන්න උත්සහ ගන්න.

විවේචනය අසා ඉවසීමෙන් ක්‍රියා කරන්නේ නම් ඡය ගන්නේ ඔබයි.

Friday, September 11, 2009

'' මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි’'


මාගේ පසුගිය එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම. ලිපිය පිළිබඳ බෝහෝදනා අදහස් දැක්වු අතර කිහිප දෙනෙක් ඊ මේල් මගින් දන්වා තිබුණේ මා සම්මත සිංහල නීතිය උල්ලංඝණය කර ඇති බවය. සම්මත සිංහල නීතිය ක්‍රියාවේ යෙදවීමට අල්ලා ගත හැකි එකම සුදුස්සිය ලෙස මට පෙණුණේ සිංහල භාෂාව පිළිබඳ බි ඒ ගෞරව උපාධියක් ලබාගෙන සිටින අපේ ආච්චීය. පසුගිය අමිහිරි සිදු වීමක් නිසා ඉන් පසු කිසිම දවසක ඈය හමු නොවීමට මා සිතාගෙන සිටි නමුත් මෙම හේතුව නිසා මම යළිදු ඇය හමුවීමට ගියෙමි.

ස්වාභාවික සැකයෙන් හා ආරූඪ කර ගත් සිනහවෙන් යුතුව ඔතොමෝ මා පිළි ගත්තේය.

'උඹට පුතේ තවම රස්සාවක් හම්බු උනේ නැද්ද'

'රැකියාවකින් කවර සැපතක් ලැබේද' මම දැන් හෙළුව රැකගෙන බස්වහර සකසමි’

'ඇයි පුතේ උඹ හෙළුවෙන් කීවේ ?

අදින්න ගන්නවත් නැද්ද ?

නැත මා ලියැනුයේ ද කියනුයේද හෙළුවෙන් පමණි.

'චී පුතේ හෙළුවෙන් ද'

'ඔව් හෙළුවෙන්. ඒ කියනුයේ හෙළ බසින්'

'උඹ ඉස්සර වගේ නොවේ පුතේ සිංහලෙන් කතා කරපන්කෝ'

'එබැවන් සන් සඳ ලිගු විබත් සමස් පියවි පස කිරිය ලොප දෙස් අගම් පෙර රෑ දෙරූ පෙරලි වැඩි අඩු නිපා නියම් අනියම් අවිදුමන් විදි වී විසි වෑදෑරුම් සපයා'

' පුතේ'

'ඔව්'

සම්මත හෙළ බසේ වියරණ රීති තොප දන්හුද. පණකූරු පසෙක් එදා ලුහුගුරු බෙයින් දස ගතකරුද වේ විස්සෙක්.වහරට යුහු සිය බස'

'අනේ අප්පෝ' 'යසට හිටිය අපේ කොල්ලට පෙරේතයෙක් ද කොහෙද වැහිලා
‘මොකක්දෝ බාසාවකින් කතා කරනවා යන්න ඕනා ගුරුන්නාන්සේට කියලා නූලක් මතුරවාගෙන එන්න’

ආච්චී මිදුලට බැස්සාය,

මට දෙලෝ රත්විය.

'නෑ නෑ ආච්චී මට හොඳයි කිසිම අමාරුවක් නෑ'

අන්න ඔහොම සිංහලෙන් කතා කරපන්කො'

ආච්චී නැවතුණාය.

'ආච්චී සිංහල දන්වද'

'උඹ මගෙන් අහන දෙයක්'

' නෑ ආච්චී මේ ඊයෙ පෙරේදා අලුතෙන් නීතියක් දාලා තියෙනවා සිංහලෙන් ලියන්න.
ඒ විදියට තමා අපි ලියන්න පුරුදු වෙන්න ඕනේ'

ඇයි බොලේ මෙච්චර කාලාන්තරයක් අපි ලිව්වේ සිංහලෙන් නෙමේයිද ?
“ සිංහලෙන් තමා නමුත් ආච්චී ”

අපෙ එක එක පණ්ඩිතයෝ තමන්ට හිතෙන හිතෙන හැටියට වරද්ද වරද්ද සිංහල ලියන්න පුරුදුවෙලා අපේ භාෂාව දැන් කැඳ හැලියක් වෙලයි තියෙන්නේ. ව්‍යාකරණයේ කිසිම පිළිවලක් නැහැ. වෙන භාෂාවල එක්තරා සම්මත ක්‍රමයකටයි ව්‍යාකරණ යොදන්නේ. ඉතින් අපේ භාෂාවේ එහෙම සම්මත ක්‍රමයක් නැති හින්දා දැන් ආණ්ඩුවෙන් ලෝ එකක් පාස් කරලා තියෙනවා මෙන්න මේ විදියට මිසක් වෙනවිදිහකට ලියන්න එපා කියලා.

එහෙම නොලීවොත් හිරේ යන්න වෙයිද පුතේ ?

“ නැත්තන් මොකටද නීතියක් හදලා තියෙන්නේ ’’

" අනේ පුතේ එහෙනං මටත් උගන්නපං ඔය සිංහල මොන සිංහලද පුතේ ඕවාට කියන්නේ "

" සම්මත සිංහල "
“ එහෙනං මං හිතන්නේ මේ මහා සම්මත රජ්ජුරු වන්ගෙ කාලේ සිංහල වෙන්න ඇති.

අනේ පුතේ උගන්නපං ”

“ මට බෑ ” මම ගණන් ඉස්සුවෙමි’’

“ උඹ කැමතිද පුතේ මේ නාකි ගෑණියක් හිරේට යනවට උඹටමනේ අවනම්ඹු අනේ රත්තරන් පුතේ මටත් උගන්නපන් ඔය සම්මත රජ්ජුරුවන් ගේ සිංහල ආච්චි මා ඉදිරියෙන් වාඩි වූවාය.මම ඇයට සිංහල ඉගැන්වීමට පටන් ගත්තෙමි.

පාලු අම්බලමේ වළං බිදීමට කවුද බය ?

“ ආච්චී කැමති මිශ්‍ර සිංහලටද අමු හෙළුවටද”




මිස්සර සිංහල හොදයි පුතේ ඉන්න මං එක උගන්වන්නම් අනේ පුතේ ප්‍රයෝග නං එපා

“ ආච්චි ස්වර ව්‍යංජන දන්නවද”

'ඔව් ඔව් මං කොච්චර වෑංජන උයල තියෙනවාද ලොකු හාමුදුරුවෝ අදත් මතක් කළා' පොළොස් ඇඹුල් වෑංජනේ හොඳට තිබුණ කියලා'

'එතකොට සන්ධි' '

‘ හන්දි වෙදකම උඹල සීයා නං හොදට දැනගෙන හිටියා'

' එතකොට ධාතු ප්‍රකෘති’

මගේ ඉසේ කෙස්ගානට මං ධාතු වන්දනාමාන කරලා තියෙනවා '

' මං ඇහුවේ සිංහල ශබ්ද වල නිධානය ' ' ඔව් ඉතිං ධාතු නිධන් කරල මිසක් තියන්න බෑනේ පුතේ '

' හොදයි ආච්චි දන්නවද ලිංග භේදය ගැන ''

ඔය කියන්නේ ඉස්පිරිතාලේ ගෑණු වාට්ටු පිරිමි වාට්ටු වෙන් කරල තියෙන එක නේද පුතේ '

' නෑ ආච්චි දැන් අපි කියමු මිනිහා ගස කපයි කියල අන්න එතන මිනිහා පුරුෂ ලිංගේ '
' ඔතන විතරක් නෙමේ පුතේ කොතනත් මිනිහා පුරුෂ ලිංගෙ තමා ' ආච්චි ලැජ්ඡාවෙන් යුතුව කීවාය. '

නෑ ආච්චි ව්‍යකරණවල තියෙනවා ලිංග තුනක් ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග කියලා ' ' අනේ පුතේ ඔය ඕන නැති දෙවල් අදින්න එපා

නපුංසකයෝ ගැන මම අහලා නං තියනවා ඕවා බොරු වෙන්න ඇති ' ' හොදයි එහෙනං දැන් අපි වාක්‍යයක් අරගෙන බලමු ගැහැණිය සැමියාට බත් බෙදයි. මේක වර්තමාන ප්‍රථම පුරුෂ ක්‍රියාවකින් යුතු වාක්‍යයක්. ' ඒ කියන්නේ ගැහැණිය වර්තමාන ප්‍රථම පුරුෂයට බත් බෙදයි කියන එක නේද පුතේ '

'මම ඇයට සැළකුවෙමි කියන වාක්‍යය අතීත කාල උත්තම පුරුෂ එකක් '
' ඉස්සර කාලේ එහෙම උත්තම පුරුෂයෝ හිටිය ගෑණුන්ට හොදට සලකපු ඒ කට දැන් තුඃ නොදකින් එතකොට මේ වාක්‍යය අනාගත කාල උත්තම පුරුෂයට ගත්තාම
යෙදෙන්නේ මෙහෙමයි. මම ඇයට පහර දෙන්නෙමි '
චි පුතේ ඒක උත්තම පුරුසයෙකුගේ වැඩක් ද

මම කිව්වේ අනාගත කාලයේ අනාගතයට නෙවෙයි නොනගත කාලයටවත් ඕවා හොද නෑ පුතේ
එතකොට ආච්චී අකර්මක ක්‍රියා විශේෂයක් තියෙනවා ඔහු මිය යයි කියන එකට කර්මයක් නෑ ව්‍යාකරණ අනුව
එහෙනං පුතේ වියාකරණෙ බුද්ධ ධර්මෙටත් විරුද්ද දෙයක්නේ කරුමයක් නැත්තං මැරෙන්නේ කොහොමද
කර්මය යෙදෙනවා මේ හෙම තැන්වල මිනිහා ගැහැණිය මරයි
ඕව් එක නං ගෑණිගේ කරුමේ

පණ්ඩිතයා සිංහල භාෂාව මරයි කියන එක වර්තමාන කාලයට අයත් ක්‍රියාවක්
මං හිතන්නේ පුතේ ඒනම් කලියුග කාලයට අයිති වැඩක් කියලයි ඊලගට අපි ඒක වචන බහු වචන බලමු මම පොරොන්දු ඉටු කරමි කීවොත් ඒක වචන ඔව් මොනවා හරි එක වචනයක් තියන එක නේන්නං වැදගත් කම 'එතකොට ආච්චි බහු වචනයට අපි නිදර්ශනයක් අරන් බලමු ගොන්නු තණකති 'මොනවා' 'ගොනා තණ කයි ' කියන එක බහු වචනයට හැරෙව්වාම ගොන්නු තණ කති ආච්චී' 'නවත්තපං හරුප කියන්නේ නැතුව. තෝ මගේ වයස ගැනවත් බලලද ඔය ඕන නැති දේවල් කියන්නේ' ' මම කිවේ බහු වචනෙන් ගොනා ' ' නවත්වපිය තොගේ බහු වචන ගොනා ආච්චී එහෙනම් සම්මත සිංහල ඉගෙන ගෙන ඉවරයි '

තොගේ ඔය අසම්මත සිංහලේ නැතුවට මංදන්න සිංහලේ මට හොඳටම ඇති මං කියන එක තොට තේරෙනවා නං ඒක තමා බොල ව්‍යාකරණේ. මහා සම්මත රජ්ජුරුවන්ගේ
සිංහල උනත් මොටද බොල තොටයි මටයි තේරෙන්නේ නැත්තං'
'මේ ආච්චී මේ ආණ්ඩුවෙන් නියම කරපු සිංහල අපි ඒක ඉගෙන ගන්න ඕනෙ.
'හොඳයි බොල ඊළඟ සැරේ වෙන ආණ්ඩුවක් බලේට ආවොත් එතකොට තවත් අමුතු සිංහලයක් ඉගෙන ගන්නද තෝ මට කියන්නේ '
' ඒක මං දන්නේ නෑ '
'දන්නේ නැත්තං පල '
මම ආවෙමි.
නිවැරැදි කිරීමක්
1966 රිවිරැස පුවත් පතේ පලවූවක් බව තමා දැන ගන්න තියෙන්නේ ලියපු කෙනානම් හරියටම කියන්න දන්නැහ.

Sunday, September 6, 2009

එදා ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම.


මගේ භාර්යාව සහ මා විවහ ජීවිතයට ඈතැළු වූයේ එකම දවසේය. අප දෙදෙනා කසාද බැඳ අදට හරියට අවුරුදු හතකි.ළදරුවන් පළමුව දණගා දෙවනව පා තබන්නාක් මෙන් අපි දෙදෙනා පළමුව ආදරය ඉදිරියේ දණගසා දෙවනුව විවාහ ජීවිතයට පා තැබුවෙමි. දණගෑමට පෙර බඩගාන දරුවෙකු මෙන් විවාහයට පෙර මාද ඇගේ නිවසට බඩගෑ වාර අනන්තය. එහෙත් ඇය කැන්දාගෙන ආපසු ඇගේ මව මා දිහා බලන්නේ වත් නැත අපේ අම්මා ඇය දෙස බලන්නේවත් නැත.එදා ප්‍රේමසහරාවේ මංමුළා වී සිටි අපි දෙදෙනා දැන් විවාහය නැමති ක්ෂේමභුමිය අතහැර යාමට නොහැකිව දුක් වෙමු.

අපි දෙදෙනා ප්‍රේමයේ මල් පල නෙළුවෙමු. එයින් තුන්දෙනකු කොල්ලන් වන අතර හතර දෙනකු කෙල්ලන් වීමට තරම් අපේ විවාහය සාර්ථක විය.මා මේ ලිපිය ලියන අවස්ථාවේ ලොකුම එකා දොරට තට්ටු කරමින් සිංදුවක් ගායනා කරයි. දෙවැනි එකා මා ලියන දෙයට හොට දමයි තුන්වෙනි එකී හොටු පෙරාගෙන අඩන්නීය.හතරවන එකී අපෙ මහ එකීගේ රෙද්දක් ඇදීමට උත්සාහ කරයි. පස්වැනි එකා හයවෙනි එකීගේ පිට උඩ අලියා යන අතර ඒකී නලාවක් පිඹීමින් ගේ හැමතැනම සංචාරය කරන්නීය.

හත්වැනී එකී නින්දෙන් අවදිවී කිරි ඉල්ලා අඩන අතර මගේ භාර්යාව ටොක ටොකගා පිටිකිරි හදන්නීය.ටොමියා කාටදෝ බුරයි. බළල් තඩියා මගේ කකුලේ ඇතිල්ලෙමින් "ඤාව් ඤාව්" ගායි. "සීනි ඉවරයි තේ කොළ ඉවරයි. පොල් නෑ මිරිස් නෑ ගෑස් නැතුව කොහොමද රෑට උයන්නේ" කුස්සියෙන් ඇසෙයි. "උළුකැටයක් පාත්වෙලා ගේ ඔක්කොම තෙමෙනවා මගේ කරාබුවේ ගලක් වැටිලා මං කොහොමද අදින්නේ" කුස්සියෙන් ඇසෙයි. ගෙදෙට්ටම වෙලා ඉන්නේ කඩෙ ගිහින් අඩුපාඩු ටික ගේන්නේ කවද්ද? මේ මිනිහා මොකෙක්ද මං දන්නේ නෑ…. කුස්සියෙන් ප්‍රශ්ණයක් නැඟෙයි. මම ලියන එක පැත්තක දමා එළියට ගොස් තාප්පයට හේත්තු වී කල්පනා කරන්නට වීමි.

කාලයාගේ ඇවෑමෙන් මගේ ජීවිතය හා තත්වය කොතෙක් දුරට වෙනස් වී ඇද්ද? එදා ගී කියමින් පෙම් සයුර කැළඹූ ඈ දැන් මට දොස් තබමින් ලුනු පොල්කට්ට කලතයි.එදා මගේ අත ගෙන සෙමින් සිපගෙන "අනේ සුදෝ මම ආදරේ" යයි කී ඇය අද මගේ පසුම්බිය දිගහැර හොරෙන් මුදල් ගෙන "මං නොවේ" යයි කියයි. එදා රත්තරං වස්තුව සහ බබෝ ආදි ආදර වචන වලින් මට සංග්‍රහ කළ ඇය දැන් මට කියන්නේ 'කොල්ලාගේ අප්පච්චී' 'මහ මිනිහා' සහ 'ඇහුණද' කීයාය

ඒ දවස්වල මා ඇය බැලීමට ගියේ චොක්ලට් හා කේක් අතේ ඇතිවය. අද මා ගෙදර එන්නේ කොකනට් හා පාන් අතේ ඇතිවය. ඒ දවස්වල මා වැරදීමකින් හෝ ඇය ගේ කකුල පෑගූ විට නෙත් අඩවන් කර කට කොණකින් සිනාසී මා තමා ළගට ඇදගත් ඈ අද මා වැරදීමකින් හෝ ඇයගේ කකුල පෑගු විට ' මේ මිනිහගේ ඇස් පොට්ට වෙලාද මන්ද? හෝ 'මෙතැන මන මාලකං කරන්න එනවද? හෝ කියාගෙන රවා බලමින් මා තල්ලුකර දමන්නීය.




එදා අප දෙදෙනා ගොඩ නැගු ප්‍රේම මන්දිරයේ දැන් අප දෙදෙනාටම ඉඩක් නැත. එහි දුව පැන සෙල්ලම් කරන්නේ අපේ දරුවන්ය. අප දෙදෙනා ගේ ප්‍රේම රාජ්‍යය දැන් ඒ දරු හමුදාව අතේය. එදා ප්‍රේම ගඟේ හැප්පි ගලා ආ ඒ ප්‍රේම ගීත වෙනුවට දැන් ජනප්‍රිය වී ඇත්තේ දරු නැළවිලි ගීතය. පොඩි එවුන් අපේ ප්‍රේම හතේ ටියුන් බස්සවා ඇත.

එදා අපි දෙදෙනා ප්‍රේම ලෝකයේ තනිවි පෙම් රැගුම් පෑවෙමු අද ඒවාට ඉඩක් නැත්තේ පොඩි එවුන් බලා සිටින නිසාය. පෙම් කරන දවස්වල නිකං සිටීමට බැරි නිසා අපි කාලය ගතකළේ මුහුදු වෙරළ,මල්වත්ත,ගං ඉවුර දිය ඇල්ල අසල. සත්වෝද්‍යනය සිනමා පෝලිම සහ පූජනීය ස්ථාන ආදී විනෝදය ගෙන දෙන තැන්වලය.අද අපට නොගිහින්ම බැරිව ඇත්තේ ඩිස්පැන්සරිය ඉස්කෝලය ජාතික පොල මාළු කඩය සහ උකස්බඩු ගන්නා තැන් ආදි සසර කෙටි කරන ස්ථාන වලටය.
අනේ ඔයා සුදු , රත්තරන් නිකං ඉන්නකෝ චී ඔයා හරි නරකයි,මං තරහයි, එපා දැක්කද, නෑ අනේ මං බොරුවට එහෙම කිව්වෙ අප්පේ තියෙන ආඩම්බරේ, අත ගන්නකො කමක් නෑ ඉතිං මට මොකෝ, මං ආසයි අයියෝ අපරාදෙනේ මට දුකයි ඔයා මහන්සි වෙනවට ආ, මේ, ආඳි වශයෙන් එදා ඇසුණු පෙම් වදන් වෙනුවට අද ඇසෙන්නේ අපච්චී මෙන්න මල්ලි ගහනව.ඇද්ද,ඌයි..යකෝ,හිටපන්,තොට කෝ මගේ පැන්සල ඇක්සැයිස් පොත මකන කෑල්ල මෙන්න නංගි චූකරා අන්න අතන කක්කිකරලා දෙයියෝ සාක්කි මං මැරෙයි, මේ හැතිකරේ මට යන්න තැනක් නැහැනේ, නෝදකින්! ආදී වශයෙන් තොරතෝංචියක් නැතිව ඇසෙන කන්දොස් කිරියාවය.

එදා ලියුම් වලට මුද්දර ඇලවූ මම දැන් කලිසමේ පැච් අලවමි. ඇය සමග සිනමා ශාලාවේදී ලයිට් නිවනකල් බලා සිටි මම දැන් ලයිට් බිල ගෙවමි. ප්‍රේම ලොවේ මාලිගා සැදු මම දැන් ගෙවල් කුලී ගෙවමි ලව් කළ මං දැන් පව් ගෙවමි පෙම් හසුන් ලියු පෑනින් මගේ දුක ලියමි.

Friday, September 4, 2009

සංසාර ගමනින් එතර වන්න පොඩි සාදු


පොඩි සාදු

ගං දැල බුදු කුටිය බෝ මලුව

සඳ එළිය...වන අරණ නිසසලයි

තව්තිසාවෙන් මිහි ලොව

බුදු පුදට එන

දෙවඟන පුදන පරසතු

මදාරා කඩුපුල් මලින්

බුදු කුටිය සුවඳයි...

ලොවක් නිදනා නිහඬ මැදියම

තුන් සිතම සිල් සුවදින් පහන් කර

පොඩි සාදු පාරමී දම් පුරයි….

තණ්හා රතී රගා රඟදෙන කෙළි මඩල

සම වැදුන උපශාන්ත වු

දැහැන් බිද දමන්නට

එපා පොඩි සාදු දැස් හැර බලන්නට

බැරි වේවි සතර වරිගෙට

නිවන් දකින්නට

සංසාර ගමනින් එතර වන්නට

"සදාකාලික තරුණයා" නිරතුරුවම ලෝකය දෙස අලුතෙන් බැලීම



මැද වයසට හෝ මහලු වයසට හෝ පිවිසි අප සෑම දෙනාම එක් අවධියක දී තරුණ වයසෙහි සිටිය නමුත් අප ඉතා වැඩි දෙනකුට එම කාල පරිචේදය අමතක වී යාම අභාග්‍යයට කාරණයකි.ඊටත් වඩා අභාග්‍යය වන්නේ තරුණ වයසෙහි දී ලෝකය දෙස බැලු බලාපොරොත්තුවෙන්,අලුත් විදිහට, ලෝකය දෙස නැවතත් බැලීමට වයසට ගිය අය සම්පූණයෙන්ම වාගේ අපොහොසත් වී යාමය.තරුණයන් තේරුම් ගැනීමට වයස්ගත වූවන් අපොහොසත් වන්නේ මේ හේතුවෙන්ය.

තරුණයාගේ අදහස් අලුත්ය,බලාපොරොත්තු වලින් ඔහුගේ සිත පිරී ඇත, ඉක්මනින් තමාත් සමජයත් අමුතු තත්වයකට පැමිණවීමේ ආසාව ඔහු තුළ දැඩිය.ඔහුට මහලු තැනැත්තා පැරණි අදහස් බදාගෙන සිටින්නෙකි,අනාගතය ගැන බලාපොරොත්තු වීම වෙනුවට යටගිය දවස සිහි කරමින් ජීවත් වන්නේකි,ඉක්මනින් තීරණයක් ගෙන ක්‍රියා කිරීමට අකැමති එසේ නැත්නම් අපොහොසත් යල් පැනපු නිරර්ථක පුද්ගලයෙකි.

තරුණයා තුළ පවත්නා මෙම විශ්වාසය ද දැඩිය.විශ්වාසයෙහි පවත්නා ඒ දැඩිකමත්,ගැටළුවක් දෙස නිවිහැනේ බැලීමට ඉඩ නොදෙන ඉක්මනත් නිසා තරුණයෝ ද වයස්ගත වූවන් තේරුම් ගැනීමට අපොහොසත් වෙති.වයස්ගත වුවත් තරුණයින්ට වඩා කෛරාටිකයින් වීම මහලු පරම්පරාව කෙරෙහි තරුණයින් තුළ අවිශ්වාසය ඇති වීමට තවත් හේතුවකි.තරුණ මහලු විරෝධය පවතින්නේ මෙරට පමණක් නොවෙයි.වෙනත් සමහර රටවල මෙය උග්‍රව පවතින්නකි.

තරුණ අය සහ මහලු අය යයි දෙපැත්තකට අදින අලුත් කොටස් දෙකකට අද මනුෂ්‍ය වර්ගය බෙදී සිටියි මෙය මනුෂ්‍යගේ යහපත පිනිස සිදු වූවක් නොවේ. තරුණ කාලයෙහි ඇතිවන නිර්භිතකම, ඉදිරියට යාමේ කැමැත්ත සහ ආත්ම පරිත්‍යගය ද මහලු වයසෙහි දී ඈති වන පළ පුරුද්ද, මුහුකුරා ගිය නුවණ සහ කලබල නොවී ගැටළුවක් දෙස බැලීමේ ඇති ශක්තියද මෙ භේදය නිසා අද බොහෝදුරට අපතේ යමින් පවතියි.

මෙය මනුෂ්‍ය වර්ගයාට දැරිය නොහැකි පාඩුවකි. එහෙයින් මෙහි විසදුමක් කෙසේ හෝ ඇතිවීම අවශ්‍යය. තරුණ පරම්පරාව සහ මහලු පරම්පරාව අතර භේදය පවතින්නේ ශාරිරික තත්වයේ පරතරය නිසා නොව සිතුම් පැතුම් අතින්,අදහස් අතින්,නිගමන අතින්,එම දෙපකෂය අතර පවත්නා පරතරය නිසාය. වෙන වචන වලින් කිවොත් දෙපකෂයේ දෘෂ්ටි නිසාය, තරුණයාගේ දෘෂ්ටිය මහල්ලාටත් මහල්ලාගේ දෘෂ්ටිය තරුණයාටත් නොගැළපෙන නිසාය.

මෙම හානිකර භේදය නැති කිරීමට සමර්ත වන්නේ තරුණයාවත් මහල්ලාවත් නොව වයසෙන් මිදුණු තැනැත්තාය.

වයසෙන් මිදෙන්නේ කෙසේද ? එය කළ හැකි දෙයක් ද ?

ශරිරය පරණ වීම වැළැක්විය නොහැකියි.එහෙත් ඒ සමග සිත පරණ විම අවශ්‍ය නැත.

සිත පරණ වන්නෙ,වයසට යන්නේ,දෘෂ්ටිය නිසාය. එහෙයින් දෘෂ්ටි වලින් මිදුණු තැනැත්තා වයසෙන් මිදුණු කෙනෙක් වෙයි.ඒ මිදීම මනුෂ්‍ය ජීවිතයේ ලාබාල අවස්ථාව හැරුණු විට තරුණ,මධ්‍යම,වයසක යන ඕනෑම අවධිය දි සිදු විය හැකියි.කිසිම වයස සීමාවකට හිමි වූ දෘෂ්ටියකින් නොබැඳුණු ඔහු තරුණයා දෙසත් මහල්ලා දෙසත් බලන්නේ එක ලෙස විවෘත වුණ මනසකින්ය.

එහෙයින් ඒ සියලු දෙනාම ඇති සැටියේ තේරුම් ගැනීමට පුලුවන්කමක් ඔහුට ඇති වන්නේය. එම නිසා තරුණයාත් මහල්ලාත් ඔහුට එකසේ රුචි වනු ඇත.

වයසෙන් මිදුණු තැනැත්තා ජීවිතයේ අවස්ථා නාමයකින් හැඳින් විය නොහැකියි නමක් දිය යුතුම වේ නම් "සදාකාලික තරුණයා" යයි ඔහුට කිව හැකි වන්නේය. තරුණයාගේ අලුත් ගතියත් වැඩිමහල්ලාගේ මුහුකුරා ගිය දර්ශනයත් ඔහුට ඇත්තේය.උසස් වීමේ ආසාවක් ඔහුට නැත. ඔහු කලබලකාරි තරුණයාගේ ද නැති වී ගිය ධෛර්ය්‍ය ඇති වැඩිමහල්ලාගේ ද එක සමාන මිත්‍රයෙකි.එහෙයින් ඔහු තරුණ වයසක පරම්පරා දෙක සම්බන්ධ කරන ඒදණ්ඩක් වන්නේය.

නිරතුරුවම ලෝකය දෙස අලුතෙන් බැලීමට සමර්ථ,මොහතින් මොහත අලුත් වන සිතක් ඇති,වයසෙන් මිදුණු,ටික දෙනෙකුත් හෝ යම් රටක ඇති වුව හොත්, ප්‍රබල සංවිධානවලින් සිදු කළ නොහැකි තරම් සේවයක් එම රටට ඒ ටික දෙනාගෙන් සිදු වනු නිසැකය.