Thursday, August 27, 2009

වෙලාවට වැඩ කිරීම

වෙලාවට වැඩ කිරීම අප කවුරුත් ඉගෙන ගත යුතු ඉතා හොඳ පුරුද්දකි එහෙත් අප බොහෝ දෙනෙකු මේ පිළිබදව දක්වන සැළකිල්ල එතරමි පුමාණවත් නැත ඊට බොහෝ විට හේතු වන්නේ නොසැළකිල්ලයි. මේ නොසැළකිල්ල නිසාම අමතක විමද සිදුවේ.පසු ගිය දිනක මගේ මිතුරෙක් රාතී ආහාරය සදහා පැමිණෙන ලෙස මට ආරාධනා කළේය‍. මම ඹහුගේ

එම කාරුණික ඉල්ලීමට එකභ වුයෙමි. නියමිත දිනයේ මම නවාතැන්ගෙනසිටි ගෙහිමි කාන්තාවට එදින රාති ආහාරය සදහා මා නොපැමිණෙන බවද කියා මිතුරාගේ නිවසට ගියෙමි.

එහෙත් මිතුරාට මා රාති කැම සඳහා පැමිණෙන බව අමතක වි තිබිණි. අවසානයේ මට සිදුවුයේ රාති ආහාරය කඞයකින් ගන්නටය.මම තවත් වරක් මෙබදුම අත්දෑකිමට මුහුණ දුන්නෙමි එක්තරා ව්‍යපාරිකයෙකු එක් උත්සව අවස්ථාවක දිවා ආභාරය සදහා ඹහු සමග එක්වන්නයෑයි මට ආරාධනාකළේය මම ඹහු කියුවෙලාවත් දිනයත් ස්ථානයත් සටහන් කර ගතිමි නියමිත දිනයේ නියමිත වෙලාවට එකි ස්ථානයට ගියෙමි.

එහෙත් එම ව්‍යපාරිකයා එම ස්ථානයට ආවේ අප ගිවිසගත් වේලාවට පැය එකහමාරකට පසුව සිදු වු පුමාදය පිළිබදව ඹහු මගෙන් සමාව භඡනය කළේය. අත්‍යවශය ව්‍යපාරික කටයුතු වගයක් තිබුණු බැවින් පමා වු බව ඹහු කිවෙය. එහෙත් එය නිදහසට කරුණක්ද? එම අපතේ ගිය විනාඬි 90 මට වෙනත් ඵලදායක දෙයක් සදහා යොදවන්නට තිබිණි.

කිසියමි අමුත්තෙකුට ආහාර පිරිනැමිමක් වැනි අවස්තාවක ආරාධනා කර එතර මිවෙලාවක්ර ස්තියාදු කිරිම කෙතරමි විනයගරුකද? අද අපිට කා දමන්නට තරමි කාලයක් නැත.

Saturday, August 15, 2009

‘ඉතින් අපි කතා කරමු’


දිනෙන් දින අලුත් වන ඔබගේ ප්‍රියතම ටෙලි නිර්මාණ අතරට එක් වන අලුත්ම ටෙලි නිමැවුම ‘ඉතින් අපි කතා කරමු’ ය. ප්‍රේමකුමාර ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඒ සොඳුරු ටෙලි සිත්තම එක් සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූවකි.
නොගැලපෙන විවාහයකින් දෙදරා යන ජීවිත ගැන කියැවෙන මේ කතා පුවත මිනිස් සන්තානයේ සංකීර්ණත්වය විග්‍රහ කෙරෙන අපූරු ටෙලි නිර්මාණයකි.


වෛද්‍යවරියක සහ ව්‍යාපාරිකයකු අතර ඇති වන විවාහයත් එයම නොගැලපීම වූ කල්හි දෙදෙනා අතර ඇති වන මානසික ගැටලු උත්සන්න වීමෙන් එම පවුල දෙදරා යන ආකාරයත් මේ කතා පුවතෙන් එළි දැක්වේ. මෙය එක් කාලයක දී එක්තරා ප්‍රදේශයක සිදු වූ අප්‍රසිද්ධ සත්‍ය කතා පුවතකි.


ජනප්‍රිය ලේඛිකා චන්දි කොඩිකාරගේ පිටපතකට අනුව නිර්මාණය වූ ‘ඉතින් අපි කතා කරමු’ සඳහා අතුල පතිරණ, ජයනි සේනානායක, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමුදු නිශාන්ත, මල්කාන්ති ජයසිංහ, හේමන්ත ඊරියගම, ගයනා සුදර්ශනී ඇතුළු නළු නිළියෝ රැසක් රංගන දායකත්වය සපයති.

කැමරාව මෙහෙයවීම මනෝජ් රණසිංහය. තිවංක උඩගෙදරගේ සංස්කරණයෙන් ද, ප්‍රියන්ත ඊෂ්වරගේ වේශ නිරූපණයෙන් ද හැඩ වන මෙහි කලා අධ්‍යක්ෂණය අකුරම්බොඩ ගෙනි. සෝමදාස මල්දෙණිය මෙහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂක වෙයි. ආනන්ද ගමගේ ගේ සංගීතයෙන් සුසැදි ‘ඉතින් අපි කතා කරමු’ බෙන් ෆිල්ම්ස් නිෂ්පාදනයකි.

Wednesday, August 12, 2009

කට කොනකින් හිනා වෙන්න පුටු කොනකින් ඈදි ගන්න

පන්තියේ ඉගැවෙමින් තිබුණේ දේව ධර්මය පාඩමයි. ඉගෙනීම කෙරෙහි මහත් උදාසීන ජෙනි සිටියේ මේසය මත හිස තබාගෙන තද නින්දකය.

ඒ බව දුටු ගුරුතුමිය ඇගෙන් මෙසේ ඇසීය.

" ජෙනී කියන්න බලන්න විශ්වය නීර්මාණය කළේ කවුද කියලා "

ඇයට එය පැහැදිලිව ඇසුණේ හෝ වැටහුණේ නැති බවත් ඇයට දඬුවම් ලබන්නට සිදුවන බවත් ඇගේ පිටුපස පේළියේ ඇයට පිටුපසින් සිටි ජොනීට වැටහිණි.

ජොනී තමා ළඟ තිබූ අඩිරූලෙන් ජෙනීට අනින ගමන්

"දෙවියන් වහන්සේ " කීවේය.

එය ඇසුන ජෙනී "දෙවියන් වහන්සේ " යනුවෙන් පිළිතුරු දුන්නා ය."

බොහොම හොඳයි" ගුරුතුමිය කීවාය.

ජෙනී නැවත නින්දට වැටිණි.

"අපගේ ගැලවුම්කාරයානන් ලෙස ලෝකයට ආවේ කවුද? "

ගුරුතුමිය නැවත ටික වේලාවකින් ජෙනීට ප්‍රශ්ණය යොමු කළා ය.

අඩ නින්දේ සිටි ජෙනීට අඩිරූලෙන් තට්ටුවක් දමාඇය අවදි කරන ගමන්

" ජේසුතුමා" යැයි කියමින් ජොනී මෙවරද ඇය බේරාගත්තේය. ජෙනී නැවත නින්දෙ ය.

ඊ ළඟ වටයේ ප්‍රශ්ණය ලෙස ජෙනීගෙන් ගුරුතුමිය ඇසුවේ මෙවැන්නකි. "

ඒවා තම 23 වන දරුවා බිහි කිරීමෙන් පසු ආදම්ට කීවේ කුමක්ද? "

ජොනී මෙවරද ඇය ඇහැරවන්නට ඉදිරිපත් වුණේය. අඩිරූලෙන් ඇන්නෙ ය.

ජෙනී නැගිට්ටා ය

" මේ ඔකෙන් ආයෙ මට ඇන්නොත් එහෙම මම ඔක දෙකට කඩනවා හරිද? "

ගුරුතුමිය ක්ලාන්ත වී බිම ඇදවැටුණා ය.

Tuesday, August 11, 2009

විටෙක ඈ “නපුරු” “සන්වේදීය” “අහිංසකය” “සුකුමොලය” නමුදු ඈ “පෙම්බරය”

මගෙ පලමු පෙම්වතා අද උදෙත් බස් එකෙදි මට හම්බුනා එයා අදත් නැවතිලා ඉන්නේ පරන හිටිය බොඩ්මේමයි. මීට අවුරුදු 2 කලින් අපි මුන ගැහුනු බස් හෝල්ට් එකෙන් අදත් එයා නැන්ගේ…. ඉදලා හිටලා වුනත් මොකක් නිසාදො මන්දා එයා මම ඉන්න බස් එකට නගිනවා.

එ ඇස්වල මොකක් දො ලොකු දුකක් හැන්ගිලා තිබ්බ බව නම් මට තේරුනා. මටත් එ වේලා වේ මගේ පුංචි හිතට දුකක් නොදැනුනාම නොවෙයි. මම ඉදිත්දි තව කෙල්ලෝ එක්ක හාදකම් පවත්වලා සමාව දුන්න මම වගේ කෙල්ලක් ගැන අද එයා දුක්වේනවා ඇති.
ගෙදරින් කැමති නැහැ කියලා බොරුවට මගෙන් අයින් උන එක ගැන අදටත් එයා කම්පා වෙනවා, උපන් දිනය දවසේ අම්මාට බොරුකරලා කිරිබත් හදාගෙන පන්සල් එක්ක ගිහින් එයා එක්ක ගතකල අතිතය, ගෙදර වීශේෂ යමක් කෑමට හැදු දවසට පොඩ්ඩක් හරි හන්ගගෙන අරන් ගෙන ගිය හැටි, අසනීප වුන විට බලෙන්ම බෙහෙත් ගිහින් දුන්න හැටි,
හුරතල් වෙවී සිනහ වෙවී සිය එයා මගෙ ඇස්වල කදුලු පුරෝල මට මේ ලෝකයම එපා කලේ ඇයි කියලා අදටත් මට අහන්න හිතෙනවා, ඒත් එය මගේ අතිතය විතරයි දවසක් දා එයා අහම්බෙන් හම්බ වුනා මට එදා හොදටම උණ ගැනිලා හිටියේ එයා බස් එකෙ වාඩි වෙලා හිටිය.
මම පුරුද්දට වගෙ අතින් අල්ලා සිට් එක ඉල්ලුවා සිට් එක දෙන ගමන් මම අපලයකට දාන් ඉන්න මුද්ද දැලා බැන්දද ඔයා කියලා ඇහුවා ඔව් එන්ගේජ් වුනා අගොස්තු වල වෙඩින් එක කීවා ඒ ඇස් මුහුන වෙනස් වුනා මට තාමත් ආදරය නිසාදො මගේ පුංචි සිත මගෙන් ඇහුවා අදත් එයා හිතන් නේ මම බැදල කියල.

Monday, August 10, 2009

විවාහය සැම දෙයක්ම සුව කරන්නක් නොවේ




විවාහය ගැන උසස් ලෙස ප්‍රශංසා කරන්නෝ. ළමා කාලයේ සිට තිබු තුවාල සුව කිරිමට හෝ පැරණි ප්‍රේමයට විෂ නාශකයක් සේ මිනිස්සු විස්වාස කරති නමුත් විවාහය ප්‍යෙද්ගලික ප්‍රශ්න විසදිම සදහා වුවක් නොවේ. විවාහය කොතරම් ආසන්න වුවද, විවාහ වීමට පෙර ඔබත් ඔබේ සහකරුත් පුද්ගලයන් දෙදෙනෙක් පමනයි. අපි අපේ හැගීම් වලට රුකුල් දිය යතු යයි කියා හෝ අපගේ දුර්වලකම් වලට වන්දි ගෙවිය යුතු යයි කියා හෝ සහකරුගෙන් බලාපොරොත්තු වන විට අපි නිතැතින් ම කළකිරෙන අතර අපගේ ප්‍රේමවන්තයාද කලබලකාරි වනු ඇත. ස්වකිය හැගිම් ගැන අපිම වගකම් භාර ගත යුතුය.විවාහයක් සාර්ථක වීමට නම් දෙදෙනාම ඔවුනොවුන්ට ආදරය කිරිමට ඉගෙනගත යුතුය බව සතුටින් කල්ගතකරන විවාහකයින් දනි ඒසේ නොවුහොත් එකිනෙකාගේ ප්‍රේමය ලැබිමට යෝග්‍ය නොවන බව ඔවුනට දැනෙනු ඇත.

Friday, August 7, 2009

ප්‍රේමය පහසුවෙන් විනාශ කළ නොහැක


සැම විවාහකයෙක්ම ඔවුනොවුන්ගේ අන්‍යොන්‍ය සම්බන්ධකම් නැවති සිටිනු ඇතැයි රහසිගතව බියෙන් පසුවේ එහෙත් ප්‍රේමය කලාතුරකින් මිය යයි.හැගිම් අභිබවා යාමට ඉඩදි ඇති හෙයින් එය අඩු බව පමණක් පෙනේ.විවාහයකදි,නරක දෙවල් සිදුවන විට,කොටස් කරුවන් දෙදෙනා විසින්ම ඔවුනොවුන් ආරක්ෂා වීම අවශ්‍යවේ. වේදනාවක් දිමට සහ අකමැති බවක් පෙන්වීමට බියෙන් වෙනස්කම් කිරිමට පසු බසිනු ලැබේ.කෙසේ වෙතත්,කුණාටුවකින් පසුව ඉමිහිරි කාලයක් එන බව යහපත් විවාකයින් දනී.මෙය අවබොධ කර ගෙන,සමහර විවාහකයන් අර්බුද මධ්‍යයේ ඔවුහු ගැටෙමින් ජීවත් වෙති.මෙය උපරිමලෙස ක්‍රියාවට නැංවීමට නම්, ඔබේ සබඳතාවය ආරම්භයේදි ඔබේ සහකරු ගැන ඔබට දැනුනු දේ සිහියට ගනිමින් විවාහ ජීවිතයේ ඇතිවන යම් එකග නොවන අවස්ථාවන්හි උපරිමය වළක්වාලිමට ඔබ මදක් පසු බැස්මෙන් කටයුතු කළ යුතුය. ඒ අවස්ථාවන්හිදි ඇතිවන නැත යන හැගිම් ඔබේ ප්‍රේමය විසින් ජය ගැනීමට ඉඩ දෙන්න

Thursday, August 6, 2009

සාර්ථක විවාහයන්හි රහස්


ප්‍රේමය මැජික් එකක් සහ අවසානයේදි අපගේ පාලනයෙන් තොර වුවකැයි අපි බොහෝ දෙනෙක් විශ්වාශ කෙළෙමු.ප්‍රේම කිරිමට "තිරණය"නොකරන අපි ප්‍රේමයට වශි වන්නෙමු නමුත් ප්‍රේමයේ වන්දි අත් හැර දැමිය යුතුද යන්න අප විමසා බැලිය යුතුය පලමුව ප්‍රේම කරන්නාගේ හෝ කරන්නිගේ සැබෑ අභිමතාර්ථය කුමක්දැයි දැනගැනිමට ප්‍රේම කරන අය කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුය දෙවනව අප ක්‍රියා කළ යුත්තේ ඒ අවබෝධය මතය විවාහයක් සාර්ථක වනු ඇත.එසේ නැත්නම් අසාර්ථක වනු ඇත ප්‍රේමයේ ජීවනාලිය ඔවුන්ගේ වගකිම් සපුරාලිම බව සන්තෝෂමත් විවාහක ජීවිතයක් ගත කරන අය හොදින් දනිති.ඔවුන් අමරණිය ප්‍රේමයේ වැදගත් රහස සෙවිමට ඉදිරිපත් වු ක්‍රියාකාරි සාමාජිකයින්ය.