Wednesday, September 2, 2009

ලෝකයේ බඩු හා අධික ජීවන වියදම


අධික ජීවන වියදම හා බඩු මිල අහස උසට නැගීම බොහෝ දෙනකුට රජය පෙරලා දැමීමට තරම් විපතකි. එහි හොද පැත්ත බලන්නට දන්නා අය හෝ හොද පැත්ත පෙන්වාදීමට ඉදිරිපත්වන අය අප අතර නැත ජිවන වියදම ඉහළ යෑම හරි හම්බ කිරිමට දුර්වල හා මහළු අයට මෙන්ම තම ආදායම මාසික වැටුපකට සීමාකරගෙන සිටින අයටද බලවත් කරදරයකි. බුද්ධිමත් අය ජීවන වියදම සමග සටන් කිරිම සදහා අතිරේක ආදායම් මාර්ග හා නිෂ්පාදනයන් වැඩි කිරිමට පෙළඹි සිටිති.

එම නිසා ඒ රටවල දියුණුවක් දක්නට ලැබේ.අප රටේ ඉහළපෙලේ ධනවතෙකුට මිස මාසයකට රු 15000/= පමණ ආදායමක් ලබන අයෙකුට ධනවත් රටකට ගොස් මාස කිහිපයක් ජීවත් විමට බැරිය.එහි අධික ජීවන වියදමක් හා උසස් ජීවන තත්වයක් ඇත.

උසස් ජීවන තත්වයක් ලබා ගැනිමට නම් අධික ජීවන වියදමක් දැරිය යුතුය. කැද උගුරක් බී හෝ අල්ල ලෙවකමින් කහට තේ එකක් බීමට අධික ජීවන වියදමක් අවශ්‍ය නැත. ධනවත් රටක පැමිණ පහසුවෙන් ලාබෙට ජිවත්වීමට අන් අයට බැරිවීම ගැන එමරටවල අය ඉතා සතුටුය. එම හේතුව තම රට අන් රටවලට වඩා පොහොසත් බව එයින් හැඟෙන බැවිනි.

කෝටිපතියන්ට වියදම් කරන්නට තරම් දේවල් ඈත්තේ කෝටිපති ධනවත් රටවල පමණය. දුගී රටවලදී ඔවුන්ට අතමිට දිගහැර වියදම් කිරීමට දේවල් නැත. ජීවන මිල ඉහළ යෑම පරිණාමය සදහා අවශ්‍ය අංගයකි. බඩුහා ආහාර මිල තුට්ටුවට දෙකට පහත බැස තිබූ කාලයේ රටේ දියුණුවක්ද නොවීය ගොඩනැගිලි,මංමාවත්,විදුලි බලය,පණිවිඩ යෑවීම ආදිය පැතිරෙන විට ඉඩම් මිල ඉහළ යෑම ඇතුළු සෑම අංශවලින්ම ජීවන වියදම ඉහළ යෑම සිදුවිය යුතුය.

අපි යම් යම් දේශපාලන පක්ෂ සමග වෛරයෙන්, ක්‍රෝධයෙන්හා ඉරිසියාවෙන් පසුවූ පලියට බඩුමිල ඉහළ යෑමෙන් ලෝකයේ ධනය දියුණුවී පරිණාමය වීම නතර නොවේ කලකට පෙර රු:10/=යම් දෙයක් මිලදී ගැනීමේ හැකියාව තිබුණි.අවුරුදු කීපයකට පසු රු:50/=හට එම රු:10/=තත්වය ලබුණි ඉන් පසු එම ස්ථානයට පත්වූයේ රු:100/=යිඅවුරුදු 30 පෙර රේඩියෝවක්,මෝටර් රථයක්,හෝ බයිසිකලයක් මිලදී ගැනීම සදහා තරමක ධනවතෙකු විය යතු වුයේය. අද ධනය ඊට වඩා පුළුල් වශයෙන් පරිණාමය වී බොහෝ දෙනෙකු ළඟ ඉහතකී භාණ්ඩ,උපකරණ හා වාහන පෙරට වඩා තිබේ.තව ඉදිරියට අද සිටින තත්වයට වඩා මිනිසුන් වැඩි දෙනකු ධනවත් වීම ස්වභාවික සිඬ්යකි.