
දිනෙන් දින අලුත් වන ඔබගේ ප්‍රියතම ටෙලි නිර්මාණ අතරට එක් වන අලුත්ම ටෙලි නිමැවුම ‘ඉතින් අපි කතා කරමු’ ය. ප්‍රේමකුමාර ජයවර්ධනගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඒ සොඳුරු ටෙලි සිත්තම එක් සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූවකි.
නොගැලපෙන විවාහයකින් දෙදරා යන ජීවිත ගැන කියැවෙන මේ කතා පුවත මිනිස් සන්තානයේ සංකීර්ණත්වය විග්‍රහ කෙරෙන අපූරු ටෙලි නිර්මාණයකි.
නොගැලපෙන විවාහයකින් දෙදරා යන ජීවිත ගැන කියැවෙන මේ කතා පුවත මිනිස් සන්තානයේ සංකීර්ණත්වය විග්‍රහ කෙරෙන අපූරු ටෙලි නිර්මාණයකි.

ජනප්‍රිය ලේඛිකා චන්දි කොඩිකාරගේ පිටපතකට අනුව නිර්මාණය වූ ‘ඉතින් අපි කතා කරමු’ සඳහා අතුල පතිරණ, ජයනි සේනානායක, අනුරුද්ධිකා පාදුක්කගේ, කුමුදු නිශාන්ත, මල්කාන්ති ජයසිංහ, හේමන්ත ඊරියගම, ගයනා සුදර්ශනී ඇතුළු නළු නිළියෝ රැසක් රංගන දායකත්වය සපයති.
කැමරාව මෙහෙයවීම මනෝජ් රණසිංහය. තිවංක උඩගෙදරගේ සංස්කරණයෙන් ද, ප්‍රියන්ත ඊෂ්වරගේ වේශ නිරූපණයෙන් ද හැඩ වන මෙහි කලා අධ්‍යක්ෂණය අකුරම්බොඩ ගෙනි. සෝමදාස මල්දෙණිය මෙහි ප්‍රධාන සහාය අධ්‍යක්ෂක වෙයි. ආනන්ද ගමගේ ගේ සංගීතයෙන් සුසැදි ‘ඉතින් අපි කතා කරමු’ බෙන් ෆිල්ම්ස් නිෂ්පාදනයකි.