Wednesday, August 12, 2009

කට කොනකින් හිනා වෙන්න පුටු කොනකින් ඈදි ගන්න

පන්තියේ ඉගැවෙමින් තිබුණේ දේව ධර්මය පාඩමයි. ඉගෙනීම කෙරෙහි මහත් උදාසීන ජෙනි සිටියේ මේසය මත හිස තබාගෙන තද නින්දකය.

ඒ බව දුටු ගුරුතුමිය ඇගෙන් මෙසේ ඇසීය.

" ජෙනී කියන්න බලන්න විශ්වය නීර්මාණය කළේ කවුද කියලා "

ඇයට එය පැහැදිලිව ඇසුණේ හෝ වැටහුණේ නැති බවත් ඇයට දඬුවම් ලබන්නට සිදුවන බවත් ඇගේ පිටුපස පේළියේ ඇයට පිටුපසින් සිටි ජොනීට වැටහිණි.

ජොනී තමා ළඟ තිබූ අඩිරූලෙන් ජෙනීට අනින ගමන්

"දෙවියන් වහන්සේ " කීවේය.

එය ඇසුන ජෙනී "දෙවියන් වහන්සේ " යනුවෙන් පිළිතුරු දුන්නා ය."

බොහොම හොඳයි" ගුරුතුමිය කීවාය.

ජෙනී නැවත නින්දට වැටිණි.

"අපගේ ගැලවුම්කාරයානන් ලෙස ලෝකයට ආවේ කවුද? "

ගුරුතුමිය නැවත ටික වේලාවකින් ජෙනීට ප්‍රශ්ණය යොමු කළා ය.

අඩ නින්දේ සිටි ජෙනීට අඩිරූලෙන් තට්ටුවක් දමාඇය අවදි කරන ගමන්

" ජේසුතුමා" යැයි කියමින් ජොනී මෙවරද ඇය බේරාගත්තේය. ජෙනී නැවත නින්දෙ ය.

ඊ ළඟ වටයේ ප්‍රශ්ණය ලෙස ජෙනීගෙන් ගුරුතුමිය ඇසුවේ මෙවැන්නකි. "

ඒවා තම 23 වන දරුවා බිහි කිරීමෙන් පසු ආදම්ට කීවේ කුමක්ද? "

ජොනී මෙවරද ඇය ඇහැරවන්නට ඉදිරිපත් වුණේය. අඩිරූලෙන් ඇන්නෙ ය.

ජෙනී නැගිට්ටා ය

" මේ ඔකෙන් ආයෙ මට ඇන්නොත් එහෙම මම ඔක දෙකට කඩනවා හරිද? "

ගුරුතුමිය ක්ලාන්ත වී බිම ඇදවැටුණා ය.