Tuesday, August 11, 2009

විටෙක ඈ “නපුරු” “සන්වේදීය” “අහිංසකය” “සුකුමොලය” නමුදු ඈ “පෙම්බරය”

මගෙ පලමු පෙම්වතා අද උදෙත් බස් එකෙදි මට හම්බුනා එයා අදත් නැවතිලා ඉන්නේ පරන හිටිය බොඩ්මේමයි. මීට අවුරුදු 2 කලින් අපි මුන ගැහුනු බස් හෝල්ට් එකෙන් අදත් එයා නැන්ගේ…. ඉදලා හිටලා වුනත් මොකක් නිසාදො මන්දා එයා මම ඉන්න බස් එකට නගිනවා.

එ ඇස්වල මොකක් දො ලොකු දුකක් හැන්ගිලා තිබ්බ බව නම් මට තේරුනා. මටත් එ වේලා වේ මගේ පුංචි හිතට දුකක් නොදැනුනාම නොවෙයි. මම ඉදිත්දි තව කෙල්ලෝ එක්ක හාදකම් පවත්වලා සමාව දුන්න මම වගේ කෙල්ලක් ගැන අද එයා දුක්වේනවා ඇති.
ගෙදරින් කැමති නැහැ කියලා බොරුවට මගෙන් අයින් උන එක ගැන අදටත් එයා කම්පා වෙනවා, උපන් දිනය දවසේ අම්මාට බොරුකරලා කිරිබත් හදාගෙන පන්සල් එක්ක ගිහින් එයා එක්ක ගතකල අතිතය, ගෙදර වීශේෂ යමක් කෑමට හැදු දවසට පොඩ්ඩක් හරි හන්ගගෙන අරන් ගෙන ගිය හැටි, අසනීප වුන විට බලෙන්ම බෙහෙත් ගිහින් දුන්න හැටි,
හුරතල් වෙවී සිනහ වෙවී සිය එයා මගෙ ඇස්වල කදුලු පුරෝල මට මේ ලෝකයම එපා කලේ ඇයි කියලා අදටත් මට අහන්න හිතෙනවා, ඒත් එය මගේ අතිතය විතරයි දවසක් දා එයා අහම්බෙන් හම්බ වුනා මට එදා හොදටම උණ ගැනිලා හිටියේ එයා බස් එකෙ වාඩි වෙලා හිටිය.
මම පුරුද්දට වගෙ අතින් අල්ලා සිට් එක ඉල්ලුවා සිට් එක දෙන ගමන් මම අපලයකට දාන් ඉන්න මුද්ද දැලා බැන්දද ඔයා කියලා ඇහුවා ඔව් එන්ගේජ් වුනා අගොස්තු වල වෙඩින් එක කීවා ඒ ඇස් මුහුන වෙනස් වුනා මට තාමත් ආදරය නිසාදො මගේ පුංචි සිත මගෙන් ඇහුවා අදත් එයා හිතන් නේ මම බැදල කියල.