Tuesday, July 28, 2009

අප්‍රකාශිත ප්‍රේමයක පරිණත ප්‍රකාශනය..................


ඔහු රස නිෂ්පත්තිය දුම්වැටියේ පිල්ටරයෙන් පෙරා,සිය වින්දනාත්මක දුම් වළලු මදු සාදය මැදට මුද්‍රහළේය. අමරසිරි පිරිසුන් ද මම ද ඔහුගේ රසාත්මක ආත්මිය ප්‍රකාශනයට ඇහුම්කන් දී සිටියෙමු.ගි පද සාහිත්‍යයේ විපත් බඹරා, ප්‍රවීණ කිවියර ධම්මික බණ්ඩාර මෙසේ එය දිග හැරියේය.ඇත්තට ම මේ සිංදුව මගේ පරිකල්පනය හරහා ගොඩනැගුවත් මේකට මූලාශ්‍රය වූණේ අපේ ප්‍රවීණ කලාකරුවෙකුගෙ අත්දැකිමක්.ධම්මික බණ්ඩාර මදුවිත පසෙක තබමින් නැවතත් දුම්වැටියක් දල්වා සිය අව්‍යජ රසාලිප්ත කතාබහ ඇරඹිය අපේ ප්‍රවීණ කලාකරු ඔහු තමන් ගෙ ශිෂ්‍යවකට ආදරය කළා.හැබයි ඒක අප්‍රකාශිත ප්‍රේමයක්. ඇගේ වයලින් වාදනයෙන් ඔහු අමන්ද්‍රනන්දයට පත්වෙලා හිටියා.ඒ බව ඔහු මාත් එක්ක පෞද්ගලිකව ම කියල තියනවා.නමුත් ඒ ප්‍රේමය ප්‍රකාශ කරන්න තරම් මේ සමාජයේ සංස්කෘතික සභ්‍යත්වය ඔහුට ඉඩ දුන්නෙ නෑ.මෙවැනි හැඟිම් අප කා තුළත් ඇතිවෙනවා.මේ සියලු හැඟිම් ප්‍රකාශනය කරගන්න තමයි මේ සිංදුව මගේ අතින් ලියවුණේ

අපේ සුචරිතවතවාදි ගායකයෝ බොහෝ දෙනක් මේ ගීය ප්‍රතික්ෂෙප කළා සමහරු වියපත් බඹරා,වෙනුවට පැහැපත් බඹරා කියලා වෙනස් කරන්නත් කිවා.නමුත් මේ ගීය අමරසිරි පීරිස් ගායනා කරල ජනප්‍රිය වුණාට පස්සෙ ඒ සියල්ලෝම පසුතැවුණා අමරසිරි පීරිස් කියන්නෙ ජීවිතය අත්විදින ගායකයෙක්.අපේ සමහර කලාකාරයන්ට ජිවිතයක් නෑ මගේ පුංචි රෝස මලේ ගීතය අහලා ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතා කළා ඒ වෙලාවෙ මට ඇත්තට ම හිතුණෙ කවුරු හරි මං අන්දවන්න කරන වැඩක් කියලා.ඒත් ජනාධිපතිතුමා කතා කළාම මට අදහගන්නත් බැරි වුණා.තැන්ක් යු සර් කියනු හැර මට වෙන කිසි දෙයක් කියාගන්න බැරි වුණා සැබවින් ම ප්‍රේමය යනු පටු සිමා මායිම් නොතකන සද එළිය වැනි ලෝකයම තනි යායක් කරවන මානව ක්‍රීයාවකි.