Tuesday, July 14, 2009

මනමේ කුමාරයාට වෙවැල් පහර

මනමේ කුමාරයාට වෙවැල් පහර ඊයෙ කුරුණැගල නගර ශාලාවෙ මනමේ පෙන්නුව එක බලන්න ගිය අපට වුන සිද්දියක් මේක අපේ පාසලේ ගුරුතුමෙක් අපව ශාලාවට ඇතුලු කරල කොහෙද ගියා ඔන්න ඉතින් මනමේ පටන් ගෙන ටිකක් වෙලා ගියාම ලයිට් නැතිව ගියා ආයෙ ලයිට් ආවාම පටන් ගත්තා ලයිටි නැති වෙලාවට කෙල්ලන්ගෙ කොල්ලන්ගෙ සද්දෙ අමුතුවෙන් කියන්න ඔන නැහැනේ දැන් මනමේ ඉවරයි අපි එලියට ආවා කියමු කො අපි දාල ගිය ගුරුතුමා එලියෙ ඉන්නව එයා අහනවා තොපි නේද ලයිට් නිමුවෙ කියල කොචිචර කිවත් එයා පිලිගන්නෑ මොනව කරන්නද අරන්ගියා විදුහල් පතිතුමා ලගට අපි කියනඒවා දැන් කවුරුත් විශ්වාස කරන්නෑ අන්තිමට හොද වේවෑල් පාර හම්බවුනා අපෙ ඔය විස්තරෙ අහගෙන හිටිය තව ගුරුතුමෙක් පහුදා නගර ශාලාවට ගිහිල්ලා විස්තරෙ බලාගෙන ආව මොනද දන්වද වෙලා තියෙන්නෙ වේදිකාවෙ තියන ටිප් එක ඔප් වෙලා අරගුරු තමන්ගෙ වැරද්ද වහගන්න කරපු වැඩෙ මදැයිනෙ මෙහෙමත් ගුරුලා ගැන හිතා ගන්න පුලුවන්නෙ